ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ.

කෝවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව 20% කින් අඩු වී ඇති අතර මරණ සංඛ්‍යාව 30% කින් වැඩි වී තිබෙන බව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසා තිබේ.

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වීමට කැනඩා රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තාවල සදහන්ය. 

පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය අද දින (16) කොළඹ වොර්ටස් එජ් හෝටල් පරිශ්‍රයේ සිට එළිදැක්වීය.

අමතර ගිනි අවියක් ලෙස රිපීටර් අවි ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ.

පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය අද දින (16) තව ස්වල්ප මොහොතකින් කොළඹ වොර්ටස් එජ් හෝටල් පරිශ්‍රයේ සිට එළිදැක්වීමට නියමිත බව වාර්තාවේ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, එළඹෙන නොවැම්බර් මාසයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිල ගුවන් සේවා ආරම්භ කරනු ලබන බව නිවේදනය කරනවා.

ld add copy

Connet With Us