ලෝකයේ මිල ඉහළයෑම් අපට පාලනය කළ නොහැකි බවත් තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත් මිල ඉහළ ‍යාම සිදුවන බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

අස්වැසුම පළමු අදියර (2022/2023 වර්ෂවල) අයදුම් කරන ලද ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලු දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

2025 දෙසැම්බර් 12 වැනි දින අත්සන් කරන ලද ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීම සඳහා වන ක්‍රමවේදය ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 307.53ක් ලෙස සහ විකුණුම් මිල රු. 315.10ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ld add copy

Latest News

ජොන්ස්ටන්ට ඇප !

ජොන්ස්ටන්ට ඇප !

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍...

Connet With Us