අන්තර්ජාලය මඟින් ක්‍රිප්ටො මුදල් ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දීමට යැයි පවසා ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් වංචා කළ චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් තිස්නව දෙනා රුපියල් කෝටි 5000ක මුදලක් චීනයට යවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (18) කරුණු වාර්තා කළේය.

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු ඉදිකිරීම් කඩිනම් වුණු ශ්‍රී ලංකාවේ ඉදි වූ දිගම අධිවේගි ගුවන් පාලම නුදුරේදීම ජනතා අයිතියට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින්  ඉවත් කර තිබේ.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ  නිවේදනයෙන් පෙන්වා දෙයි.

ජපාන නිල සංවර්ධන ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පසුගිය 15 වනදා ආරම්භ වූ අතර එය අද(18) අවසන් වුණා. එම සැසිය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ‍ පවසා තිබේ.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us