බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද(28) ආරම්භ වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අද ප්‍රකාශ කළේ, එක්සත් ජනපද ඩොලර් බිලියන 10 ක පමණ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සහ අනෙකුත් ණය දෙන රටවල් සමඟ ශ්‍රී ලංකාව ඇති කර ගත් ගිවිසුම්, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා රට පියවරක් ඉදිරියට ගිය බවයි.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත්, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාව තිරසාර වර්ධන මාවතකට අවතීර්ණ කිරීම සඳහා මෙරට බලධාරීන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට දරන ප්‍රයත්නය ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා ණය හිමි කමිටුව ඇතුළත් පැරිස් සමාජය පවසයි.

මහින්ද චීනයට

Published in පුවත්
Thursday, 27 June 2024 15:08

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ. ඒ, චීන රජයේ විශේෂ ආරාධනයකට අනුවයි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නා.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ජල, විදුලිය, ඇතුළු අන්තර්ජාල පහසුකම් පවා අත්හිටුවා ඇති බව  විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපතිනි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.

ld add copy

Connet With Us