ඔස්ට්‍රියාවේ වියානා හි පැවැති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේදී, පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් තුළින් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාමාජික රටවල් දැනුම්වත් කළ බව මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ එකම විකල්පය බව අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා සිටියි.

අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අර්බුද විසින් නායකයන් බිහි කරනු ලැබේ යැයි කියන්නේ අර්බුදය විසඳීම සඳහා විසදුම් යෝජනා රැගෙන කවුරු හෝ ඉදිරිපත්වන බව පමණක් නොවේ. ඒ සඳහා වැඩපිළිවෙලක් සහ ඊට ධෛර්යමත් භාවයක් තිබීමය. එය ක්‍රියාත්මක කිරීම හරහා අර්බුදය විසින් සැබෑ නායකයන් බිහිකරයි.

,efna ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට එළඹී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ මඩකළපු දිස්ත්‍රික් වැඩසහන ජූනි 28 – 29 දෙදින තුළ මඩකළපුව හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

ද්වී පාර්ශ්වික ණය හිමියන් සමග අද අත්සන් කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අනුව, ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සදහා 2028 දක්වා සහන කාලයක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ග වලට පස් කදු සහ ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පවසනවා.

ld add copy

Connet With Us