ණය ශ්‍රේණිගත කිරීම් වල ඉහළට ආවේ පසුගිය ආණ්ඩුව කරපු වැඩ නිසා. - හර්ෂ  

Published in පුවත්
Tuesday, 24 December 2024 16:05

ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාව ඉවතට ගියත් නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙකුවීමට තවමත් හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වා ගෙන යෑම සහ ණය ශ්‍රේණිගත කිරීම BBB දක්වා ඉහළ යෑම අත්‍යවශ්‍ය බව ඔහු පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් මේ බව සඳහන් කළේය.

"ෆිච්, මූඩීස් ශ්‍රේණිගත කිරීම යම් ඉහළ දැමීමකට ලක්වෙලා තියෙනවා. ඇත්තටම ඒක සතුටුදායක ආරංචියක් මුළු රටටම."

"ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ගන්න පුළුවන් ශ්‍රේණිගත කිරීමකට තවම අපි ඇවිත් නැහැ. ඒකට BBB වගේ තැනකට එන්න වෙනවා. එතනට එන්න ආර්ථිකය තවත් ශක්තිමත් විය යුතුයි."

"මේ ලැබිලා තියෙන්නේ ගිය ආණ්ඩුවෙන් කරපු සහ පාර්ලිමේන්තුවෙන් සම්මත වුණු අණ පනත් හරහා... රටේ වැටිලා තිබුණු ආර්ථිකය යම් ස්ථාවර භාවයකට ගේන්න දරපු උත්සාහයේ ප්‍රතිඵලයක්."

"එහෙම නැතුව අලුතෙන් කරපු දෙයක් සම්බන්ධයෙන් නෙමෙයි. මූලිකවම මෙතන තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ජනාධිපතිවරණයට දින 2කට කලින් වෙච්ච එකඟතාවය ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොකර ඒ ආකාරයෙන්ම ඉදිරියට අරගෙන යෑම හරහා තමයි මේ ණය ශ්‍රේණිගත කිරීම ලැබිලා තියෙන්නේ."

"මාලිමාවේ අය ඡන්දෙට කලින් කිව්වා...ණය තිරසර කිරීමේ විශ්ලේෂණය (DSA) වෙනස් කරන්න පුළුවන් කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා."

"නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව ආවා. නමුත් මාලිමාවේ විකල්ප DSA එකක් පාවිච්චි කළේ නැහැ. මම කියන්නේ නැහැ ඒ පොරොන්දුව මත හිඳිමින් මේක වෙනස් කළ යුතුයි කියලා. මොකද එහෙම කළොත් තව අවුරුද්දක් දෙකක් අපිට අපේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළට ගන්න බැරි වෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒක දැනගෙනම ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම."

"හැබැයි කරගෙන ගිය වැඩේ ඒ විදියටම ඉදිරියට අරගෙන යෑම නිසා රටට සෙතක් සැලසෙනවා."

"කාලෙකට පස්සේ 3 වෙනි කාර්තුව 5.5කින් වර්ධනය වුණා. ඊළඟට කුමක් සිද්ධ වෙනවා ද ?. ඒ සඳහා ගතයුතු පියවර මොනවා ද ?. කියන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න වෙනවා."

"ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනත් කියලා තියෙන්නේ ඉදිරියේදී බලාපොරොත්තු වෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ විදියටම ඉදිරියට ගියොත් ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යන්න හැකියාවක් තියෙනවා කියලා."

"2027 වෙනකොට IMF එකඟතාවය අනුව නැවතත් අපිට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ඩොලර් ණය ලබාගන්න සිද්ධ වෙනවා."

"රටක් එහෙම බංකොලොත් වෙන්නේ නැහැ. ආණ්ඩුවට ණය ගෙවීමේ හැකියාව නැති වෙන එක තමයි වෙන්නේ. නමුත් 2022 අපිට වුණේ අපි කිව්වා අපිට පිටරටවලින් ගත්තු ණය ගෙවන්න හැකියාවක් නැහැ කියලා. ඒකෙන් ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමට ලංකාව පත් වුණා."

"ඒකෙන් වසර දෙකහමාරකට පස්සේ ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ලංකාව ඉවතට ගත්තා. නමුත් නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න හැකියාවක් නැහැ. ඒකට තව අවුරුදු 2ක් වත් යයි... එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට අරගෙන ගියොත් සහ අපේ ණය ශ්‍රේණිගත කිරීම BBB දක්වා ඉහළ ගියොත් එවිට අපිට පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට එකතු වෙන්න. දැනට ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කරන්න පුළුවන් කියන තැන අපි තවම නැහැ."

ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නංවා දින කිහිපයක් ඇතුළතදී ලොව ප්‍රමුඛපෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන MOODY'S ආයතනය ද මෙරට දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් ඉහළ නංවා තිබුණි.

MOODY'S ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් " Ca සිට Caa 1 දක්වා ඉහළ නංවා තිබේ.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉහත අදහස් දැක්වීය.

 

adaderana

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us