ශ්‍රී ලංකාවට තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) රැස්වේ.

ඉදිරි මැතිවරණවලදී ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීම සඳහා ‘‘රාජපක්ෂලා’’ නොමැතිව නව දේශපාලන සන්ධානයක් බිහි කිරීමට ආණ්ඩුවේ, විපක්ෂයේ සහ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. 

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය පවසයි.

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක තිදෙනා ජනමතය අනුව කරට කර සිටින බවත්, කිසිවකුට සියයට 25 ඉක්මවූ ජන මතයක් නැති බවත්, සියයට 35 ක් මෙතෙක් තීරණයක් ගෙන නැති බවත්, ජාත්‍යන්තර සමීක්ෂණ කණ්ඩායමක් පවසන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

පළාත් සභා පවතින ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවට ජාතික ජන බලවේගය පිළිගන්නා බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ld add copy

Connet With Us