ආනයනික සහල් බහලුම් 10ක් පිටි කොටන්න දෙයි - ඊට විරුද්ධ වෙන්න බැරි බව වෙළෙඳ අමාත්‍යාංශය කියයි Featured

Published in පුවත්
Monday, 23 December 2024 10:12

මෙරට සහල් හිඟයට විසඳුමක් ලබාදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් තොගයෙන් බහලුම් 10 ක් පමණ මේ වන විට සහල් පිටි නිෂ්පාදනය කිරීම සඳහා මහා පරිමාණ සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන ආයතනවලට අලෙවි කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශයේ ආරංචිමාර්ග කියයි.

මේ අනුව දළ වශයෙන් සහල් කිලෝග්‍රෑම් ලක්ෂ දෙක හමාරකට අධික ප්‍රමාණයක් මෙලෙස සහල් පිටි නිෂ්පාදනය කිරීම සඳහා පුද්ගලික ආනයනකරුවන් විසින් සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන ආයතනවලට අලෙවි කර තිබේ.

ඉන්දියාවේ සිට මෙරටට සහල් ආනයනය කිරීමේදී කිලෝවකට රුපියල් 65 ක බදු මුදලක් අය කෙරෙන බැවින්, ආනයනික සහල් සඳහා පනවා තිබෙන පාලන මිලට සහල් අලෙවි කිරීමෙන් විශාල ලාභයක් නොමැති නිසා, මෙලෙස සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ආනයනික සහල් අලෙවි කෙරෙන බවද පැවසේ.

වරායෙන් සහල් තොග නිදහස් කර ගැනීමෙන් පසු ඒවා වෙළෙඳ පොළට නොයවා සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවලට එම බහාලුම් යැවීමට ආනයනකරුවන් කටයුතු කළද, ඊට විරුද්ධව පියවර ගැනීමේ හැකියාවක් නොමැති බවද වෙළෙඳ අමාත්‍යාංශය කියයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us