ස්පා වටලන්න පොලිසියට අයිතියක් නැහැ – මානව හිමිකම් කොමසාරිස්  

Published in පුවත්
Monday, 23 December 2024 09:36

ස්පා ආයතනවලට කඩාවැදී කාන්තාවන් පොලිසියට රැගෙන යාමට නීතියෙන් අවසර නැති අතර එහි වැටලීම්වලට අවසරය ඇත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට පමණක් වන බවත් අදාළ අංශ නීතිය හමුවට පැමිණවීමට හැකියාව ඇත්තේද ඔවුන්ට බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසුවේය.

පොලිසිය සන්නද්ධ කල්ලියක් නොවන බවත් වෘත්තියක් වශයෙන්ද ජනතාවට සේවා සපයන ආයතනයක් බව සිහියේ තබාගත යුතු අතර ගණිකා සේවය වෘත්තීය අපරාධයක් නොවන බවත් එම වෘත්තියේ යෙදෙන කතුන්ට දඬුවම් කළ නොහැකි බවත් ගණිකා නිවාසයක් කරගෙන යන කළමනාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව පවතින බවත් පැවසීය.

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා මේ බව පැවසුව් අන්තර් ජාතික මානව හිමිකම් දිනය සමරමින් මාතලේ මහ ලේකම් කාර්යාලයේ වීර මොනරවිල කැප්පෙටිපොළ ශාලාවේදී පැවැති සැමරුම් උත්සවයේදීය.

තවද ශ්‍රී ලංකාවේ මේ වනවිට කොවිඩ් සමයේ සිට විභාග වෙමින් පවතින පැමිණිලි 8000ක් පමණ පවතින බව නීතිඥ නිමල් ජී. පුංචිහේවා වැඩිදුරටත් පැවසුවේය.

දිනකට මානව හිමිකම් කඩවීම් හැටකට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බවත් අධ්‍යාපනය, පොලිසිය සහ සෞඛ්‍ය අංශවලට එරෙහිව ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බවත් පුංචිහේවා මහතා පැවැසීය.

මෙම අවස්ථාවට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය, මහාචාර්ය ප්‍රතිභා මහානාම, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උල්පත ජයරත්න, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මධ්‍යම පළාත් ප්‍රධානි පී. රංජිත්, ඩයස් සුමනසේකර යන මහත්වරුද සහභාගි වූහ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us