සුනාමි ව්‍යසනයට අදට වසර 20 ක් ! Featured

Published in පුවත්
Thursday, 26 December 2024 08:04

ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවි අදට වසර 20ක් සපිරෙයි.

ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන "ජාතික සුරක්ෂිතතා දිනය" අද සැමරීම සිදුකරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000 කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.

ඒ අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙවර "ජාතික සුරක්ෂිතතා දිනය" දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල "පැරෑලිය සුනාමි ස්මාරකය" අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.

සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

මේ අතර, 2004 වර්ෂයේ දිවයිනට බලපෑ සුනාමි තත්ත්වයත් සමග සුනාමි අනතුරු ඇඟවිම් හඳුනා ගැනීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 14ක සුනාමි කුලුනු 77ක් ස්ථාපිත කරනු ලැබීය.

කෙසේවෙතත් එම සුනාමි කුලුනු 77න් මේ වනවිට සක්‍රීයව පවතින්නේ 5කටත් අඩු සංඛ්‍යාවක් බව වාර්තා වේ.

සුනාමි කුලුනු සවිකිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදී ඇත්තේ අමෙරිකානු සමාගමක් විසින් වන අතර කුලුනු ඉදිකිරීමෙන් පසු අවස්ථා කිහිපයකදී ඒවා අලුත් වැඩියාකිරීමට පියවර ගත්තද අදාළ ආයතනය විසින් නිෂ්පාදන මේ වනවිට අත්හිටුවීම හේතුවෙන් අක්‍රීය වී ඇති කුලුනු අළුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

දිස්ත්‍රික් මට්ටමින් යුද හමුදාවේ සහ පොලීසියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් එම කුලුන භාරව කටයුතු කරනු ලැබු අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක විසින් ඒවා අධික්ෂණය කරනු ලැබීය.

මින් පෙර සුනාමි ආපදා තත්ත්වයකදී ඒ බව ජාත්‍යන්තර මට්ටමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබුණු පසු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ඒ බව දැනුම්දීමෙන් අනතුරුව මෙම කුලුනු ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදුකළ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙම සුනාමි කුලුනුවල තාක්ෂණික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් හරහා නිර්දේශ ලබා ගනිමින් ඉදිරියේදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව සැලසුම් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක තෝරාගත් පුද්ගලයින් 70,000කට ආසන්න පිරිසකගේ දුරකථනයට සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳව සංඥා ලබාදීම පිළිබඳ සංඥා ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, විදුලි සංදේශන කොමිෂන් සභාව සහ මෙරට සන්නිවේදනය සපයන දුරකථන ජාලා සමග එක්වි සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම කෙටි පණිවුඩයක් හරහා ජනතාව දැනුම්වත් කිරීමටද කටයුතු යොදා ඇති බව සඳහන්ය.

ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ, වර්තමානයේ පවතින තාක්ෂණය හේතුවෙන් සුනාමි අනතුරකට මුහුණදීම සඳහා ලංකාව හොඳ සුදානමකින් පසුවන බවය.

කෙසේ වෙතත් ඒ සඳහා පෙරහුරු පැවැත්වීම ඉතා වැදගත් බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us