ඖෂධ හිඟය නැති වෙන්නේ 2026 වසරේදී - රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව Featured

Published in පුවත්
Friday, 27 December 2024 07:38

හිඟයකින් තොරව අඛණ්ඩව ඖෂධ සැපයුමක් ලබා දිය හැකි වන්නේ 2026 වසරේ සිට බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් වීරසිංහ ප්‍රකාශ කරන්නේ ලබන වසරේදී ද (2025) යම් යම් ගැටලු මත ඖෂධ සැපයීම සිදු කිරීමට සිදුවන බවත් ඊට පසුගිය කාලයේ විවිධ අතපෙවීම් ප්‍රධාන හේතුවක් වී ඇති බවත්ය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

"බොහෝ දෙනකුට අපි කොවිඩ් සමයක සිටි බව අමතකයි. ඒ කාලය ඉතාම දුෂ්කරයි. ඒ කාලයේ ඖෂධ පිටරටින් ආනයනය කිරීමේදී ගැටලු තිබුණා. ඒ ගැටලුවල කෙළවරවල් අදටත් තියෙනවා. ඒ වගේම දේශපාලන අතපෙවීම් තිබුණා. නඩුකර තිබුණා. ඒ සියල්ලගේම බලපෑම් මේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට, නියාමන ක්‍රියාවලියට සහ සැපයුම් ක්‍රියාවලියට ඍජුවම බලපෑවා. ඒවා තව සුමානයකින් දවසකින් දෙකකින් ඉවත් වෙලා යන්නේ නැහැ. ඒවායේ බලපෑම් තවත් කාලයක් තියේවි. නමුත් 2026 වන විට අඛණ්ඩ ඖෂධ සැපයුමක් ලබා දීමට අවශ්‍ය සියලුම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඉන්නවා."

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us