ගැසට්ටුව නිකුත් කරනකල් සහල් ආනයනය කරන්න බැහැ - රේගුවෙන් දැඩි තීරණයක් Featured

Published in පුවත්
Monday, 23 December 2024 08:33

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින් අවසන් වු අතර ඒ වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 67,000ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණි.

කෙසේ වෙතත් රජය පසුගියදා සඳහන් කළේ සහල් ආනයනය සඳහා ලබා දුන් කාලය ලබන වසරේ ජනවාරි මස 10 වනදා දක්වා දීර්ඝ කරන බවය.

එහෙත් මේ දක්වාත් ඊට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර නොමැති බැවින් යම්හෙයකින් රජය හෝ රජයේ මැදිහත්වීම මත සහල් ආනයනය කළ ද ඒවා මෙරට වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව සදහන් කළේය.

මේ අතර රජය විසින් ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 52,000ක තොගයක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අද (23) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සහල් ආනයනය කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවය.

මේ අතර සහල් තොග නිසිපරිදි නොලැබීම හේතුවෙන් වසා දමා තිබු මරදගහමුල විශේෂිත තොග වෙළද මධ්‍යස්ථානයේ සහල් වෙලඳසැල් අද දිනයේ සිට යළි ආරම්භ කරන බව එම ව්‍යාපාරිකයින් පවසයි.

පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත සහල් තොග මෙරටට ආනයනය කිරීමත් සමග මෙලෙස වෙළඳසැල් යළි විවෘත කරන බව එම ව්‍යාපාරිකයින් සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us