අමෙරිකා සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ඉදිරියේදීත් අඛණ්ඩව පවතිනු ඇති බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා පවසයි.

78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (04) දිනය තුළ ක්‍රියාත්මක වෙයි.

අදට (04) යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සෙසු නිලයන් 9,158 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් දක්වා උසස් කිරීමට පියවර ගෙන තිබේ.

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) අනුමැතිය හිමිව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබේ.

ld add copy

Connet With Us