සරසවි තුල ඩෙංගු පැතිරීම සීග්‍රයෙන් ! මාර්ගෝපදේශත් නිකුත් කරයි

Published in පුවත්
Wednesday, 08 July 2026 09:35

මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ඩෙංගු වයිරසය පැතිර යන බැවින් දැනටමත් ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න පැවැසීය.

ඩෙංගු වයිරසය ආසාදිත ශිෂ්‍යයන් බහුලව හමුවූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයත්, මොරටුව විශ්විද්‍යාලයත් තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබුවත් අනෙක් විශ්වවිද්‍යාලවල කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවද සභාපතිවරයා සඳහන් කළේය.

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ඩෙංගු වයිරසය පැතිර යාම නිසා ඉකුත් 2 වැනිදා තාවකාලිකව වසා දැමූ බවත් එම විශ්වවිද්‍යාලය ලබන 13 වැනිදා යළි විවෘත කරන බවද සභාපතිවරයා කීය.

කෙසේ වෙතත් ඊයේ (6 වැනිදා) සිට වසා දැමූ මොරටුව විශ්වවිද්‍යාලය ලබන 21 වැනිදා විවෘත කරන බව ද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් මත සියලු විශ්වවිද්‍යාලවල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us