ඉදිරියෙදී ඇතිවිය හැකි එල් නිනෝ හේතුවෙන් ජල කළමනාකරණයට සැලසුම්

Published in පුවත්
Thursday, 09 July 2026 09:31

ඉදිරියේ දී ඇති විය හැකි එල් නිනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ජල කළමනාකරණයට සම්බන්ධ සියලු ආයතනවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කර ඊට අවශ්‍ය පියවර ගන්නා බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා,

"කොහොමත් අපේ ජුලි - අගෝස්තු මාසවල වියළි කාලගුණයක් තමා තියෙන්නේ. නමුත් ඒ වියළි කාලගුණය ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊළඟට පටන් ගන්නවා ඊශාන දිග මෝසම. සැප්තැම්බර් 15 ඉඳන් තමා වැස්ස වැටෙන්න නියමිතව තියෙන්නේ. නමුත් සැප්තැම්බර් මාසයේ වැස්ස යම් අඩුවක් තියෙන්න පුළුවන්. නමුත් ඔක්තෝබර් - නොවැම්බර් - දෙසැම්බර් මාසවල වැස්ස වැඩිවෙන්න පුළුවන්. ඒක තමා මේ පුරෝකථනය. මේ තත්ත්වයට සුදානම් වෙන්න අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජල සම්පාදනය, විදුලිබල මණ්ඩලය යන ආයතන එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදීම සඳහා හොඳම ජල කළමනාකරණයක් කොහොමද කරන්නේ කියලා අපි සාකච්ඡා කළා. මේ ආයතන සියල්ලටම සුදානම සකස් කරන්න කියලා අපි දැනුම්දීලා තියෙනවා. ඒවා අපි ලබන 20 වෙනිදා නැවත සමාලෝචනයට ගන්නවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us