ස්විට්සර්ලන්තය සමඟ ඇඟලුම් ගිවිසුමකට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධකරණය නියම කළේය.
වැටුප් සහ උසස්වීම් ගැටලුවක් මුල්කර ගනිමින් අද (03) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව පරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසයි.
සුරාබදු ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 17ක වර්ධනයක්
පසුගිය වසරට සාපේක්ෂව වසරේ ගතවූ කාලසීමාව තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 105ක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට අප රට තුළ පමණක් නොව විදේශ වෙළෙඳපළේ පවා ජනප්‍රිය අඹ ප්‍රභේදයක් වන අප රටේ නිෂ්පාදිත TEJC අඹ ප්‍රභේදය අසීමාන්තික ලෙස වගා කිරීමට පියවර ගැනීම නිසා එම අඹවල ගුණාත්මකභාවය කෙරෙහි බලපෑම් එල්ලවෙමින් පවතිනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් නම් කෙරේ
ආර්. සම්බන්ධන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් නම්කර තිබේ.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවම සුබවාදීයි
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.