පාසැල් වේලාව දීර්ඝ කිරීම ගැන අගමැතිනිය කියූ දේ Featured

Published in පුවත්
Monday, 03 November 2025 20:01

අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් වෙනස්කම් සිදුකිරීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවත් ඇය පවසා ඇත.

නමුත් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසන්නේ කෙසේ වෙතත් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ කිසිදු කරුණු අධ්‍යයනය කිරීමකින් තොරව බවයි.

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ, ආණ්ඩුව එම තීරණය ගැනීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් අනාවරණය කළ අතර සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි පැවසුවේ, අදාළ තීරණය සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ඡාවලදී මේ දක්වා කිසිදු එකඟතාවක් පළ කර නොමැති බවයි.

කෙසේවෙතත් පාසල් වේලාව වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කුලියාපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය ‍මෙනවිය පළ කළේ මෙවන් අදහසකි.

"අපි මේ අවුරුද්ද පුරාම වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරා. සංවාද කරා. ඒ විතරක් නෙමෙයි අපි ගුරුවරු එක්කත් විදුහල්පතිවරු එක්කත් සාකච්ඡා කළා.ඒ හරහා තමා පැය භාගයක වැඩිකිරීමක් කරන්න අපි තීරණය කරලා තියෙන්නේ. සති දෙකකට විතර කලින් අමාත්‍යාංශයෙනුත් ඒ පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. මේක කරන හැටි මොඩල් ටයිම්ටේබල් විදුහල්පතිවරුන්ට යවලා තියෙනවා. මේ වගේ වෙනසක් එද්දි විවිධ අදහස් එන එක සාමාන්‍යයි. බිම් මට්ටමේ මේක ක්‍රියාත්මක කරන්න බැහැ කියලා ලොකු විරෝධයක් පේන්න නෑ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us