ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට බස්නාහිර පළාත් සභා සන්ධාන මන්ත‍්‍රී කීර්ති කාරියවසම් මහතා තීරණය  කර ඇත.

අ.පො.ස සාමාන්‍යපෙල විභාගය සදහා උපකාර පන්ති සහ සම්මන්ත‍්‍රන පැවැත්වීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට විභාග කටයුතු අවසන් වනතෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. සාමන්‍ය පෙල විභාගයට අදාල අනුමාන ප‍්‍රශ්ණ පත‍්‍ර බෙදා හැරීම, ඊට අදාල දේශණ පැවැත්වීමද මේ යටතේ තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සදහන් ක‍ළේය‍‍.

මෙවර ජනාධිපතිවරණයේදී පොලිසිය මෙහෙයවීමේ කටයුත්ත පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධයක්‌ නැති වෙනත් නිලධාරියකු විසින් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීම පිළිබඳව පොලිස්‌ නිලධාරීහු දැඩි අප්‍රසාදය පළකර සිටිති.

ජනපතිවරණය සඳහා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇප මුදල් තැනපත් කිරීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවූයේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙත සහයෝගය ලබාදීමට ජාතික සංඝ සම්මේලනය තීරණය කර ඇත. ඒ, පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සහ ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේලා අතර කොළඹ අද (02) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

ආණ්ඩුවේ පවතින දූෂණ සහ අක‍්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමට තමන් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමඟ එක්ව කි‍්‍රයා කරන බව ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පැනවු සම්බාධක අභියෝගයට ලක් කරමින් යුරෝපානු අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොණු කිරීමට යුරෝපානු සංගම් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අතරට එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම සහ එම සංවිධානයට ලැබෙන ආධාර මුදල් අත්හිටුවීම යන කරුණු ඇතුළත්ව ඇති බව සඳහන්ය.

ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩොට් එල් කේ (theindependant.lk)වෙබ් අඩවියට මීට සුලු මොහොතකට පෙර සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ld add copy

Latest News

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

Connet With Us