මාලදිවයින සඳහා ජල බෝතල් ලක්ෂයක ආධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

එප්පාවලදි මැර ප්‍රහාරයකට ලක්ව එප්පාවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අද පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට එප්පාව රෝහලට පැමිණි මැර පිරිසක් විසින් ඔහුට අද (06) උදෑසන රෝහලට පැමිණ තර්ජනය කර තිබේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භවීමට දින කිහිපයක් තිබිය දී රජයේ මුද්‍රණාලයේ රහස්‍ය මුද්‍රණ අංශයේ ෆෝමන්වරයාට ස්ථානමාරුවීම් ලබාදීම සැක සංකා ඇති කරන තත්ත්වයක් බව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් පෙන්වාදෙයි.

ඊයේ(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

අනුරාධපුර එප්පාවල පැවති වීදි විරෝධතා කලා ප්‍රසංගයකට ප්‍රහාරයක් එල්ල විය. ඊයේ (05 ) මධ්‍යාහ්නයෙහි එල්ල කෙරුණ ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා සිටිති.

මෙරට ජීවත්වන පන්ලක්ෂ හතලිස් හතර දහස් නවසිය එකොළහක් වන විශ්‍රාමික ප්‍රජාව වෙත මොබිටෙල් ආයතනය මගින් ජංගම දුරකථනයක් සහිත සිම්කාඩ්පතක් ලබාදීම ඊයේ (5) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී සිදුකෙරිණි.

හිටපු ඇමති නවීන් දිසානායක මහතාට රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමට තැත් කළ බවට කියැවෙන ප්‍රකාශය ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දීම තුළ ඔහුට පහලව ඇති හදිසි සත්ව කරුණාව තේරුම් ගැනීම එතරම් අපහසු නැතැයි එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (05) සදහන්කර සිටියේය.

'දෙරණ' රූපවාහිනි නාළිකාවේ විකාශය වූ 'වාද පිටිය' දේශපාලන වැඩසටහන අතරතුරදීක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබා දුන් දුරකතන ඇමතුමසම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා වැඩසටහන ඉදිරිපත් කළ චතුර අල්විස් මහතා හමුවීමට විශේෂ විමර්ශන කණ්ඩායම සූදානම් වෙයි.

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us