අක්‍රමිකතා බහුලයි-මැකෝ අක්‍රීයයි

Published in පුවත්
Tuesday, 06 January 2015 19:59

මෙවර තැපැල් ඡන්දය පැවැත්වීම මීට පෙරාතුව අවස්ථාවන් මෙන් නොව අදියර කිහිපයකින් ක්‍රියාත්මක වූ බවත්, එය ගැටළු සහගත බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ඩී.එම් දිසානායක මහතා සඳහන් කළේය.

උතුරේ සමහර පෙදෙස්වල ඡන්දපොළ ස්ථානාධිපතිවරුන්ට ලැබුණු ලේඛණ හා සහකාර මැතිවරණ ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ලද ලේඛනවල සංඛ්‍යාත්මක වශයෙන් වෙනස්කම් තිබුණු බවද ඔහු කියා සිටියේය.

විශේෂයෙන්ම උතුරේ සිවිල් ආරක්ෂක ගොවිපළේ තැපැල් ඡන්දය භාවිතා කිරීම බොහෝ අවිධිමත් හා අසම්පූර්ණ ලෙස සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

මෙම ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර ඇතත් කොමසාරිස්වරයාද ඒ පිළිබඳ නිසි පරිදි ක්‍රියා නොකරන බව දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


මෙවර ජනාධිපතිවරණයට අදාළව පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 420 ක් වාර්තාවී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

එයින් පැමිණිලි 237 ක් ඉතා බරපතළ සිදුවීම් බවත්, පැමිණිලි 183ක් සුළු සිද්ධීන් බවත් දිසානායක මහතා පවසයි.

ඉකුත් වසරවලට වඩා වාර්තාවන ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුවද එකී අවස්ථාවන් වලට වඩා බරපතළ සිදුවීම් වැඩි බව හෙතෙම කියා සිටියේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

පොලීසිය නිසි පරිදි රාජකාරි කටයුතු සිදු නොකිරීම නිසා තත්ත්වය වඩා වර්ධනය වී ඇති බවත්, රාජ්‍ය දේපළ පරිහරණය කිරීම මෙම මැතිවරණයේ ඉහළ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us