දෙවියනි මේ කදුළු වලට සාධාරණය ඉටුකරන්න

Published in පුවත්
Tuesday, 06 January 2015 14:22

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා යළි ලබාදෙන්නැයි ඉල්ලා අරලියගහ මන්දිරය ප්‍රධාන දොරටුව අභියසදී අද (06) පෙරවරු කාලයේ පොල් ගසා, දෙවියන්ට කන්නලව් කිරීමක් සිදුවිය.

මෙම අවස්ථාවට ජාතික භික්ෂු එකමුතුව, එක්සත් භික්ෂු පෙරමුණ, කතෝලික, මුස්ලිම් ජනතාව, සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ දරුවන් දෙදෙනා, අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පහන් පත්තුකර, කපුරු දල්වා ගිනි පූජා පවත්වමින් එම පිරිස සදහන් කළේ 2010 වසරේ පැවති ජනාධිපතිවරණයට ආසන්න දිනකදී ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් වුවද 2015 ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් ඔහු පිළිබඳ තොරතුරක් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වූ බවයි.

එබැවින් වහාම එක්නැලිගොඩ මහතා සොය දෙන ලෙසත්, ඔහු අතුරුදන් කිරීමට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසත් මෙම අවස්ථාවට එක්වූ ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ අවධාරණය කර සිටියහ.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us