රටේ ආර්ථිකය සංවර්‍ධනය තරුණයන් වෙනුවෙනි - මෛත්‍රී

Published in පුවත්
Tuesday, 06 January 2015 14:10

ජනවාරි 8 වනදායින් පසු සමාජ පරිවර්තනයක් කර නව තාක්‍ෂණය සමග බද්ධවන තරුණ පරපුරට නව ලෝකයට ගැලපෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකරන බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (5) කටුබැද්ද ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

අද තරුණ පරපුර තාක්‍ෂණයත් සමග බද්ධව කටයුතු කරයි. ඔවුන්ට ගැලපෙන අනාගතයක් මෛත්‍රී පාලනයක් තුළ ඇති කිරීමට කටයුතු කරන බවත් රටේ නිදහස් අධ්‍යාපනයට වැයකළ හැකිව තිබු මුදල් දළදා මාළිගාව වටා රේස් පැදීමට වැය කළ බවත් ඔහු පැවැසීය.

ත්‍රෛනිකායක මහනායකවරුන් හිමිවරුන්ගේ ඉල්ලීම පවා මායිම නොකර දළදා පුරවරයේ කාර් රේස් පැදීමට මහින්ද රාජපක්‍ෂ මහතා අවස්ථාව ලබා දුන්නා. හමුදා සෙබළුන් කම්කරුවන් බවට පත්කරමින් රුපියල් කෝටි 30 ක මුදලක් වියදම් කර ඒ සඳහා වැලි කොට්ට දැම්මා.

ආණ්ඩු පක්‍ෂය අප වෙතට එල්ල කරන අසත්‍ය චෝදනාව නම් මෛත්‍රී පාලනයකින් රටේ ඒකීයභාවය නැතිවන බවයි. නමුත් මෛත්‍රී පාලනයක් තුලදී කිසිදු ආකාරයකින් එසේ සිදුවන්නේ නෑ. ද්‍රවිඩ ජාතික සංවිධානයත්, මුස්ලිම් කොංග්‍රසයත් කිසිදු ගිවිසුමක් නොමැතිව මෛත්‍රී පාලනය හා එක්ව තිබෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටයි.

unnamed-8

unnamed-9

 

 

Last modified on Tuesday, 06 January 2015 14:23

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us