මහින්දගේ චොකා මල්ලි හැංගිලා

Published in පුවත්
Wednesday, 07 January 2015 07:52

තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබ සිටින චොකා මල්ලි නොහොත් නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ ප්‍රාදේශීය සභා සභාපති වජිර සිල්වා ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ යොදවා ඇති අතර එම නිලධාරීන් සැකකරුවන්ගේ නිවාස හා ඔවුන් ගැවසෙන ස්‌ථාන පරීක්‍ෂා කර තිබේ.

එහෙත් ඔවුන් එම ප්‍රදේශ අතහැර පලාගොස්‌ ඇති බව හෙළි වී තිබේ. පලාගිය නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණ ක්‍රියාත්මක කර ඇත.

කහවත්තේ පැවැත්වීමට තිබූ රැලියක සැරසිලි කරමින් සිටි ආධාරකරුවන් වෙඩි ප්‍රහාරයට ලක්‌වූයේ පෙරේදා අලුයම 2.00 ට පමණය.

එහිදී බරපතළ තුවාල ලැබූ තිදෙනකු රත්නපුර රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක්‌ අයකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම වෙඩි තැබීමට නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසක්‌ සම්බන්ධ බවට ලැබී තිබූ තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබිණි.

ඒ අනුව පැල්මඩුල්ල අධිකරණය නියෝග කළේ සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Last modified on Wednesday, 07 January 2015 07:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us