ඡන්ද පත්‍රිකා පැහැරගත් තොණ්‌ඩමනුත් පලාගිහින්

Published in පුවත්
Wednesday, 07 January 2015 07:53

ඇල්ල තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නකුට අමානුෂික ලෙස පහර දී තුවාල කර ඡන්ද පත්‍රිකා තොගයක්‌ පැහැරගත් බව කියන ඌව පළාත් සභා ඇමැති සෙන්දිල් තොණ්‌ඩමන් මහතා ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

සැකකාර පළාත් සභා ඇමැතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක්‌ ද නිකුත් කර තබේ.

විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ සැකකාර තොණ්‌ඩමන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවස ඇතුළු තවත් ස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කර තිබිණි.

එහෙත් සැකකාර පළාත් ඇමැතිවරයා කොළඹට පලාගොස්‌ සැඟවී සිටින බව පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළොත් වැඩවර්ජනයකට යන බව තැපැල් වෘත්තීය සමිති පවසති.

කෙසේ වෙතත් ඉදිරි දින කීපය ඇතුළතදී සැකකාර සෙන්දිල් තොණ්‌ඩමන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

රැස්‌වීමකට සහභාගි නොවූ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් තොණ්‌ඩමන් මහතා මෙම ලියුම් බෙදන්නාට අමානුෂික ලෙස පහර දී තිබුණේ ඉකුත් 3 වැනිදාය.

තුවාල ලැබූ ලියුම් බෙදන්නා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Last modified on Wednesday, 07 January 2015 07:57

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us