නැගෙනහිර මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී ආරක්ෂාව ඉවතට

Published in පුවත්
Wednesday, 07 January 2015 08:05

නැගෙනහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරන පළාත් සභා ඇමැතිවරු දෙදෙනකු ඇතුළු එම කොංග්‍රසයේ සියලු මන්ත්‍රීවරුන්ගේ පොලිස්‌ ආරක්‌ෂාව ඉවත්කර ඇතැයි පළාත් සභා මන්ත්‍රී කණ්‌ඩායම පවසයි.

පළාත් සභා ඇමැතිවරු දෙදෙනා සමඟ පළාත් සභා මන්aත්‍රීවරු පස්‌දෙනෙකු මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් නැගෙනහිර පළාත් සභාවේ කටයුතු කරන අතර සියලු දෙනාගේ පොලිස්‌ ආරක්‍ෂාව මෙසේ ඉවත් කර තිබේ.

තමන්ට ලබාදී තිබූ පොලිස්‌ ආරක්‍ෂාව හදිසියේම ඉවත් කළ බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු හේතුවක්‌ නොදන්නා බවත් නැගෙනහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රීඩා, පරිවාස හා ළමාරක්‍ෂක කටයුතු අමාත්‍ය අයි. එම්. මොහොමඩ් මන්සුර් මහතාපැවසීය.

මුස්‌ලිම් කොංග්‍රස්‌ පළාත් සභා මන්ත්‍රී අස්‌වර් මෙලාන් මොහොමඩ් මහතා සඳහන් කළේ මීට දින කීපයකට කළින් තමන්ගේ පොලිස්‌ ආරක්‍ෂාව ඉවත් කළ බවත් පසුව මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි කිරීමෙන් පසු යළිත් ලබාදුන් පොලිස්‌ ආරක්‍ෂාව හදිසියේ යළි ඉවත් කර ඇති බවයි.

කෙසේ නමුත් මුස්ලිම් කොන්ග්‍රසය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වූවද නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින් සිටී

Last modified on Wednesday, 07 January 2015 08:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us