ගෝඨා පළමු මොහොතේම ඇණ ගනී. රහසිගත මෙහෙයුම් හෙළිවේ

Published in පුවත්
Wednesday, 07 January 2015 08:39

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණමෙහෙයුමේ අවසන් පැය 48 බාරගෙන ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා විසින් බව අප මිට පෙර පුවතකින් හෙළි කරනු ලැබීය . ඒ අනුව මේ වන විට ලැබෙමින් පවතින ආරංචි මාර්ග අනුව යම් භිෂණකරී ක්‍රියාවලියක් ආරම්බ වීමේ සලකුණු පහලව ඇත.

මේ අනුව පසුගිය දින කිහිපයේදී ‍තෝරා ගත් නාවික හමුදා බටයන් 2000 කට ආසන්න පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා විශේෂ රාජකාරි ලෙස සටහන් කොට පිටත් කොට යවා ඇත.

එමෙන්ම ආරක්ෂක ලේකම් වරයාට හිතෛශී හිටපු හමුදා සෙබලුන්ගෙන් සමන්විත රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවයෙහි යෙදී සිටි දෙසීයයකට අධික කණ්ඩායමක් ඊයේ දිනයේදි එම රාජකාරී වලින් මුදවා ඇත. එම කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින්ට රක්නා ලංකා සමාගමේ නිල ඇඳුම් අන්දවා ඒඒ ස්ථානවල තැබීමටද කටයුතු කර තිබේ. පසුගිය කාලයේ රටතුල යම් යම් භීෂණකාරී ක්‍රියාවන්ට සම්බන්ධයූයේද මෙම රක්නා ලංකා සමාගමේ නිල ඇඳුම්ලාගෙන සිටින මිනිමරුවන් බවද හෙළිවී තිබිණි.

මේ අතර උතුරේ යුදධයේදී ජනප්‍රිය චරිත වූ හමුදා ප්‍රධානින් කිහිප දෙනෙකු යටතේ විශේෂ ඒකක කිහිපයක් පිහි‍ටුවා දිස්ත්‍රික්ක කිහිපයක් ඔවුන් යටතට පත් කර ඇති බවත් වාර්තා වන අතර මෙම කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යංශය සතු ඩිෆෙන්ඩර් රථ සියයකට අධික ප්‍රමාණයක් නිදහස් කර ඇති බවද සැලවේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විපක්ෂය පූර්ණ අවබෝධයක සිටී. මේ සම්බන්ධයෙන් මැතිවර කොමසාරිස්වරයාවද ඊයේ දිනයේදී දැනුවත් කර ඇති බවද විපක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බධයෙන් අප කළ විමසීමකදී එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවැසූවේ ගොඨාබයට මෙවර දඟලන්න බැරි බවය. තුවක්කුවෙ බලය, ජනතාවගේ බලයට මෙවර යටපත් වන බවත් පැවැසූ අතර එකාධිපති රාජපක්ෂලා බලයට තිබෙන කෑදරකම හමුවේ කවර ක්‍රියාමාර්ගයක් ගත්තත් ඒ මෙවර පරාජය කිරීමය ජනතාව ශක්තිමත්ව පෙළ ගැසී සිටින බවත් පැවසීය. ගෝඨාභය වැඩ පටන් ගන්නත් පෙර ඒ සියල්ල අප විසින් හෙලිකරගෙන ඇති බවත් මේ රටේ ඇත්ත ර විරුවන්ගේ සහය, මේ රණ විරුවන්ව පාරවල් අතුගාන්න දාපු රාජපක්ෂලාට ලැබෙන්නේ නැති බවත් තමාට සහතික යැයි පැවැසීය.

Last modified on Wednesday, 07 January 2015 08:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us