පොලිස් මාධ්‍ය ප්‍රකාශක රාජපක්ෂලාව කුඩු වලින් බේරන්න ගොස් ඇදගෙන නායි

Published in පුවත්
Wednesday, 07 January 2015 10:55

පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඊයේ හදිස්සියේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රාජපක්ෂවරු කුඩු චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අසාර්ථක උත්සාහය නියැලුනේය.

රටින් පලා ගොස් සිටින ප‍්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දස දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බවත් මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තා සිටින බවත් ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.

එහෙත් මේ මාධ්‍ය සාකච්ඡාවක පවත්වා අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මන්ද මේ වරෙන්තු නිකුත් කර දැනට වසරකටත් වඩා කල් ගත වී ඇත. එම නිසා පොලි මාධ්‍ය ප්‍රකාශයා පැවැසිය යුතුව තිබෙණේ මේ කුඩු ජාවාරමකරුවන් අල්ලා ගැනිමට පොලීසිය අසමත්ව ඇති බවය,


මෙරට ඉතිහාසයේ වැඩිම හොරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ දී බවද අජිත් රෝහණ මහතා මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේය. ඒ ඇත්තකි. නමුත් ලංකා ඉතිහාසයේ මෙරට කුඩු වෙළඳාමේ කෙන්ද්‍රස්ථානය වුයේ රාජපක්ෂ පාලන සමයේදී යැයි කියන්නට මාධය ප්‍රකාශකයාගේ කට ඇරුණෙ නැත.

එමෙන්ම හොරොයින් ජාවාරම් සහ ලග තබා ගැනීම් සම්බන්ධව වැඩිම පිරිසක් 2013 වසරේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සංඛ්‍යාව විසිතුන්දහස් හයසිය හැට පහක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය. එයින් කියැවෙන්නේ රාජපක්ෂ පලන සමය තුල කුඩු වලට ඇබ්බැහි වූවන් වැඩි වී ඇති බවය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us