සජිත් ආපු නැති නිසා රාජපක්ෂගෙන් මඩ පොස්ටරයක්

Published in පුවත්
Wednesday, 07 January 2015 11:29

එ.ජා.ප නියෝජ්‍ය නායක, හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන චරිතය ඝාතනය කරමින් මඩ ප්‍රචාර ව්‍යාපෘතියක් දියත්වීමට නියමිතව පවතීන බව සැලවේ.

පසුගිය කාලය පුරාවට මැතිවරණ නීති රීති මෙන්ම සාරධර්මද නොතකා තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන බවට විවිධ අසත්‍ය ප්‍රචාර යැවීමට කටයුතු කළ පිරිස් මේවන විට ‘හංසයා ලකුණට‘ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බවට ඇඟවෙන පෝස්ටරයක් නිර්මාණය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ප්‍රේමදාස මහතා පෙන්වාදෙයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ පෝස්ටර් තොගය මේවන විටත් මුද්‍රණය කොට ගබඩා කර ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

එම මඩ පෝස්ටරය හම්බන්තොට ප්‍රධාන කර ගනිමින් දිවයින පුරා ඇළවීමට සූදානම්ව ඇති බව හෙතෙම කියා සිටියි.

මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ තුළින් තමාගේ දේශපාලන ජීවිතයත්, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට සිදුවන හානියත් වළක්වා ගැනීමටත් මෙම නින්දිත උත්සාහය නතර කරන ලෙස මන්ත්‍රීවරයා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

තමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නායකයා ලෙසත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us