2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ.

අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ.

පිරිමි පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වර්තමානයේ කාන්තා පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව, විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසනවා.

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක් බවට අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු අනුව තහවුරු වූ බව නීතීඥ මනෝජ් ගමගේ පවසනවා.

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485 ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනැවිත් ඇති බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසා සිටියි.

ld add copy

Connet With Us