එම මුදල රුපියල් එකොලොස් බිලියන දෙසිය තිස් දෙමිලියන හාරසිය අට දහස් හත්සිය පනහක් බවයි [ රු 11,232,408,750] සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.
මුදල් බැරකෙරෙන ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව දාහතර ලක්ෂ පහලොස් දහස් හත්සිය තිස් අටක් [1415738] .
අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභීන්ගේ ඔක්තෝබර් දීමනාව මින් පෙර බැංකු ගත කිරීමටයි කටයුතු කෙරුණේ.
ඒ සැප්තැම්බර් මස හිඟ දීමනාව ද සමගයි.
පවුල් දෙලක්ෂ විසි හය දහස් පනස් එකක් [226951] අතරේ මෙලෙස බෙදා හරින ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් එක් බිලියන නවසිය හැට හතර මිලියන එකසිය විසි එක් දහස් දෙසිය පනහක් [රු1,964,121,250] වනවා.

