දැනට බන්ධනාගාරවල සිටින මරණ දඬුවම නියම වූවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස වෙනස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

ප‍්‍රංශ ජාතිකයෙකුට අසභ්‍ය චිත‍්‍රපට 200 ක් පමණ නිෂ්පාදනය කිරීම සඳහා බාල වයස්කාර පිරිමි ළමයින් සපයා ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන සංචාරකයන්ට මඟ පෙන්වන පුද්ගලයෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකය විසින් මීගමුව ප‍්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.

හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීම සඳහා බොහෝ රටවල ජනතාව  "සන් ස්ක්‍රීන්" හෙවත් හිරු ආලේපන භාවිතා කිරීමට පුරුදුව සිටිති. විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් මේ සඳහා වැඩි ඉල්ලුමක් පවති. මේවා නිෂ්පාදනය කරන ආයතන, තම ආලේපන හිරු එළියෙන් සම ආරක්ෂා කරන බවත් සමට මනා පෝෂණයක් සපයන බවත් පවසති.


රුහුණු හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සිසුන් 12දෙනෙකු පොලීසියට එරෙහිව ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසංග වේදිකාවට අලුත් ආරයක් හඳුන්වා දුන් ජොලි සීයා හෙවත් චන්දු ද සිල්වා තමන් වගේම සුදු කොණ්ඩෙත්, සුදු රැවුලත් දාගෙන කටහඩත් වෙනස් කරගත්තු තව තවත් සීයලා 04 දෙනෙකුට විරුද්දව නඩු පවරා ඇත.

මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අරඹේකඩේ ප්‍රදේශයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගමන්ගත් ජීප් රථය හා යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනකු තුවාල ලැබ ගලගෙදර හා මහනුවර රෝහල්වලට ඇතුළත් කැර තිබේ.


එළඹෙන මාස් කන්නයේ සිට කෘෂි රසායන ද්‍රව යොදා නොගෙන රජරට කුඹුරු අක්කර පනස් දහසක් වගා කිරීම පිණිස ගොවීන්ට බිත්තර වී නොමිලේ බෙදා දීමේ ව්‍යාපෘතියකට විශේෂ ව්‍යාපෘති පිළිබඳ අමාත්‍යාංශය මැදිහත් වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ දෙවැනි ලේකම් චමිත්‍රි රඹුක්වැල්ල මෙනෙවිය ජගත් මහ සමුළුවේ පස්වැනි කමිටුවේ උප සභාපති පදවියට පත්කර ඇත.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us