ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සියලු සබඳතා සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙනුවෙන් ස්වාධීන නිලධාරියෙකු අදාළ තනතුර සඳහා පත් කරන ලෙස පී.එම්.කේ පක්ෂය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් 5ක නිලධාරීන් ඊයේ(16) උදෑසන 8.00 ට ආරම්භ කළ වැඩවර්ජනය අද(17) වන විට තවදුරටත් ව්‍යප්ත වී තිබේ.

දෙහිවල සත්වෝද්‍යානයෙන් අතුරුදන්වූ සුදු නයා මල්ලක දමා නැවත සත්වෝද්‍යාන භූමියට විසිකර තිබියදී අද උදෑසන සොයාගෙන තිබේ.

2010 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ළමා හිංසන කි‍්‍රයා සහ අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් දෙලක්ෂ දහදහස් තුන්සිය දාහතරක් ලැබී ඇති බවත්, ඉන් විසි අටදහස් නවසිය විසි එකක් පැමිණිලි ලෙස සලකා පොලිස් ස්ථාන වෙත භාර දී ඇති බවත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.

නමින් ප්‍රජාතන්ත්‍රවාදය යයි කියා ගනිමින්, රාජපක්ෂ රෙජිමය ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යාම නිසා සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ඇතුළු සියලුම ජාතීන්ට නීතියේ රැකවරණය නැතිවී ගොස් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජාතික චිත‍්‍රපට සංස්ථා නාම පුවරුවේ ‘‘ජාතික චිත‍්‍රපට සංස්ථාව’’ යනුවෙන් දමිළ භාෂාවෙන් සඳහන් කර ඇති වචන දැනට මාසයක පමණ කාලයක සිට එම නාම පුවරුවෙන් ගැලවී ඇත. සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් එම නම මේ වන විට එහි දක්වා තිබේ.

පසුගිය වසරේදී ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සමාගමේ වාර්ෂිකව වාර්තාවේ දැක්වේ. එම අලාභය පෙර වර්ෂයේ පැවති බිලියන 19 ක ශුද්ධ අලාභයට වඩා උග‍්‍ර වැඩිවීමකි.

2010 වසරේ නාවලදී සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ යුක්රේන ජාතික යුවළකට කොළඹ විශේෂ මහාධිකරණය විසින් අද මරණ දඬුවම් නියම කෙරින.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us