මෙරට දේශපාලනයට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ගාල්ලේ ෆොර්ට්‍රස් රෙසොර්ට් අවන්හල මගින් ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකමකින් යුත් අතුරුපස පිළියෙළ කොට තිබේ.
අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ලවී ඇති සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති රොෂ්මන් ප්‍රනාන්දු ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කර තිබේ.

පසුගිය මැයි මස 24 දින උකුවෙල, බන්නැහැක වලව්වේ උපාධි අපේක්‌ෂිකා 24 හැවිරිදි ලලනි නදීෂා වරාපිටිය ඝාතනයට ලක්‌විය. උකුවෙල, එම අභිරහස්‌ ඝාතනය සෙවීමට ඇගේ සිරුරේ දැවැටී තිබී හමුවූ පිරිමි රෝම කූපය ඔස්‌සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඌව පළාත් මහ ඇමති ධුරය සඳහා තරඟ වැදීමට එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(05) දිනයේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇත. 
වනාන්තරවලින් අල්ලා නීති විරෝධී ලෙස ලඟ තබා ගෙන සිටින හා 2009 වසරෙන් පසුව ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ලියාපදිංචි කළ අලි පැටවුන් පිළිබඳව පරීක්ෂා කර විගණන විමසුම් වාර්තාව සකස් කළ නියෝජ්‍ය විගණකාධිපති ඒ. එච්. එම්. එල්. අඹන්වල මහතා ව එම කාර්යයෙන් ඉවත් කර තිබේ. 

කොළඹ මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (04) සවස කැඳවා තිබුණ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල්  කර දමනු ලැබීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය, තම නිලධාරීන් ද සහභාගී වෙමින් තිබුණ සාකච්ඡාවට බෞද්ධ භික්ෂූන් ද ඇතුළත් ප්‍රකෝපකාරී කණ්ඩායමක් විසින් බාධා කරන ලද බව පවසයි. 

කළුතර ප්‍රදේශයේදී 14 හැවිරිදි දැරියන් දෙදෙනෙකු දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‍බේ.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us