දනිඳු යශේන් දරුවා පැහැරගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මංජුල සඳකැළුම් නමැත්තාගෙන් දීර්ඝ පාපොච්චාරණයක් ලබාගෙන තිබේ. එම පාපොච්චාරණයට අනුව මංජුල සඳකැලුම් මෙයට කලකට පෙර ධනවත් ව්‍යාපාරිකයෙකි. කල්ගත වීමත් සමග ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වී ඇති අතර ඒ හේතුවෙන් ඔහු බොහෝ පිරිසකට ණය වී තිබේ. 

ලංකාවට පැමිණ තංගල්ලේ හෝටලයක සිටියදී බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා  ඝාතනය කර, පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කොට 20 අවුරුදු සිර දඬුවම් නියම කළ තංගල්ල ප්‍රා‘දේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන්ට නියම කළ දඬුවම් ප්‍රමාණවත් නොවන බව දැනුම්දෙමින් නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කොට ඇත. 

පොල් ගස ආශ්‍රිත කොටස්වලින් නිෂ්පාදන කරන සුළු පරිමාණ රැකියාවල නිරතවන්නන් සහ පොල් ගස ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් (පොල් ගස් නඟින්නන්) වෙනුවෙන් රක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කොළඹ පිටකොටුව ප‍්‍රදේශයේ අද  සිට නව රථ වාහන ධාවන සැලසුමක් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. 

පාරේ හිඟා කෑමට සිදුවුවත් ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන ඒමේ සටන අත් නොහරින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. 'ලංකාදීප' පුවත්පත සමග පැවති සාකච්ජාවකදී  ඌව මැතිවරණයට තනිවම ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එසේ  පවසා ඇති ඇමතිවරයා එම කරණය අවධාරණය කර ඇත්තේ මෙසේය.


ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරදී සැප්තැම්බර් 24 දා ආරම්භ වන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද සහභාගි වීමට නියමිතය.


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වූ ලිපිය ඉන්දියාව තරයේ හෙලා දකියි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා APOT-Asia සංවිධානයේ සභාපති තනතුරට පත් වී ඇත.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us