2005 වසරේ සිට 2013 දක්වා අතර කාලයේදී පත්කළ ජනාධිපති කොමිෂන් සභා 17 ක් වෙනුවෙන් රුපියල් කෝටි 27 ක් වැය කර ඇති බව ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ඉදිරියේදී රුපියල් 10 යේ වටිනාකමින් යුතු කාසි දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සම්බන්ධයෙන් එජාප නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මහතා පක්ෂයේ ප්‍රධානින්  කිහිප දෙනෙකු සමග විරෝධය පළකර ඇත්තේ, එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

නව ඇඟිලි සළකුණු සටහන් පද්ධතියෙන් අපරාධකරුවන් පහළොස් දහස් දෙසිය අනූදෙනෙකු හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් ජනතාව සඳහා වඩා ප්‍රණීත කෑමබීම ලබාදීමේ අරමුණින් යුතුව නව සුඛෝපබෝගී අවන්හලක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (19) කිඹුලාවලදී විවෘත විය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවෙන් විශ්‍රාම ගිය නිවේදකයන්ට යළිත් තැනක්‌ ලබාදීමට තීරණය කර ඇතැයි ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා  ප්‍රකාශ කරයි.

පිළිගත් චර්ම (සම) රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් පමණක්‌ ලබා ගත හැකි කුරුලෑ ඇතුළු සම ආශ්‍රිත ප්‍රතිකාරයන්, සමෙහි රෝගී තත්ත්වයන්ට ලේසර් ප්‍රතිකාර ලබාදීම හා හිසකෙස්‌ ආශ්‍රිත ප්‍රතිකාර සම්බන්ධ කිසිදු පුහුණුවක්‌ නොමැති රූපලාවන්‍යාගාර ශිල්පීන් විසින් ලබාදීමට පෙළඹී ඇත. 

මන්නාරමේ පනන්කට්ටිකෝට්ටු නැමති ගම්මානයේ බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන යුද හමුදා සෙබළා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ මෙන් මන්නාරම දිසා විනිසුරුවරිය වූ ආනන්දි කනගරත්නම් ඊයේ (19)  පොලිසියට නියෝග කොට තිබේ.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us