ජවිපෙ විපක්ෂ නායක ධුරයට සටන අරඹයි

Published in පුවත්
Wednesday, 01 April 2015 17:27

ජනතා විමුක්ති පෙරමුණ මීළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඉලක්ක කරමින් දේශපාලන වැඩ පිළිවෙලක සකස් කරමින් තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ජාතික විධායක සහාව නියෝජනය කරමින් වත්මන් පාලනයට හවුල් වී සිටීන ජවිපෙ හෙට (02)දිනයේදී බොහෝ විට එම කමි‍ටුවෙන් ඉවත් වනු ඇත. ඒ අනුව විපක්ෂයේ සටන් පාඨ ඔවුන් අතට ගෙන මීළඟ මහ මැතිවරණයේදී තියුණු සටනක් දී ආසන 15කට වඩා වැඩි ප්‍රමාණයක් දිනා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත. එළඹෙන මහ මැතිවරණයෙන්  පසුවත් එජාපය හා ශ්‍රීලනීපය ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවන බවට මේවන විටත් එකඟ තාවයක සිටින අතර ඒ අනුව විපක්ෂය නියෝජනය කිරීමට සිදුවන්නේ සුළුතර පක්ෂයකටය.

ඒ අනුව, පවතින මැතිවරණ ක්‍රමය අනුව ජවිපෙට අභියෝගයක්ව පවතින්නේ දෙමළ ජාතික සන්ධානය පමණකි.

එහෙත් පවතින මැතිවරණ ක්‍රමය වඩා යෝජිත කේවල හා සමානුපාතික මැතිවරණ ක්‍රමය මඟින් දෙමළ ජාතික සන්ධානයට වැඩි වාසියක් අත් කර ගැනිමට හැකියාවක් ඇති බව පෙනී ගොස් ඇත.

කෙසේ නමුත් විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායම මහින්ද රාජපක්ෂ සමඟ වෙනම මැතිවරණ ක්‍රියාවලියකට ගිය හොත් ජවිපෙට අවාසිදායක තත්වයක් ඇති වන මුත් විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා එම කණ්ඩායමටද දෙමළ ජාතික සන්ධානය අභියෝගයක් වීම වැලැක්විය හැකි නොවේ.

මේ අතර වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලැබීමටද තමන්ට සුදුසුකමක් ඇති බව කතානාකවරයාට දැනුම් දී ඇති බවත් වාර්තාවේ.

Last modified on Wednesday, 01 April 2015 17:31

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us