මරණය සැකයි,උදයංගගේ හවුල්කරු නොයෙල්ගේ මළ සිරුර ගොඩගනී

Published in පුවත්
Wednesday, 01 April 2015 16:44

යුක්රේන කැරලිකරුවන්ට අවි සැපයීමේ චෝදනාවට ලක්ව සිටින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් සිටි උදයංග වීරතුංග සමග හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය රණවීර කළුආරච්විගේ නොයෙල් රණවීර නැමැත්තාගේ මරණය සැක සහිත බවට එම ඥාතීන් කළ චෝදනාව හේතුවෙන් නොයෙල් රණවීරගේ දේහය ගොඩගෙන පරීක්ෂා කිරීමට අධිකරණය අද අවසර ලබා දී තිබේ.

ඒ අනුව නොයෙල් රණවීර මහතාගේ දේහය හෙට දිනයේ ගොඩගැනීමට නියමිතය.

නිට්ටඹුව වැලිකඩමුල්ලේ අංක 112 D නිවසේ පදිංචිව සිට ඇති නොයෙල් රණවීර 2002 ජූලි මස 21වෙනි දින උදයංග වීරතුංග විසින් ඔහුගේ "ක්ලබ් ලංකා" නම් යුක්රේණයේ පවත්වාගෙන ගිය අවන්හලේ සේවය සඳහා ‍ගෙන්වා‍ගෙන ඇත. ඉන් පසුව ඔහු රුසියාවේ තානාපති ධුරයට පNuත්වීමත් සමග නොයෙල් රණවීරද තානාපති කාර්යාලයේ සේවයට බඳවාගෙන තිබේ.

උදයංග වීරතුංග තානාපති වශයෙන් කටයුතු කරමින් සිටියදී නොයෙල් රණවීරගේ මුදල් ලබාගෙන හවුල් බැංකු ගිණුමක්ද පවත්ගෙන ගොස් ඇති බව හෙළි වේ. මේ අතර 2013 වසරේ මෙරටදී පවත්වන ලද චෝගම් සමුළුවට සමගාමීව පවත්වන ලද ව්‍යාපාරික සමුළුව සඳහා නොයෙල් රණවීර රුසියාවෙන් 60දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් සමග පැමිණ ඇත.

ශ්‍රී ලංකාව සමග මේ ආකාරයෙන් සම්බන්ධතා පවත්වාගෙන ගිය නොයෙල් රණවීර හදිසිඅනතුරකින් මියගිය බව 2014 ජූනි 11වනි දින ඔහුගේ වැඩිමහල් සොහොයුරාට උදයංග වීරතුංග විසින් දන්වා තිබේ. ජූනි 15වනි දින දේහය ලංකා‍වට ගෙනවිත් ජූනි 18වන දින අවසන් කටයුතු සිදු කර තිබේ. උදයංග වීරතුංග මෙම අවසන් කටයුතු සඳහාද සහභාගී වී ඇත.

මියගිය නොයෙල් රත්ණවීරගේ සහෝදරයින් විසින් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිට ඇති නමුත් රුසියාවේදී ඒ සියල්ල කර ඇති බව පවසා මරණ පරීක්ෂණයට ඉඩ ලබා දී නැත. මේ පිළිබඳව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ විදේශකටයුතු අමාත්‍යාංශයට පවුලේ ස‍හෝදරයින් විසින් තොරතුරු දන්වා පරීක්ෂණයක් ඉල්ලා ඇති නමුත් එය ලබා නොදීම සහ මෙම මරණය පිටුපස බරපතල අභිරහසක් තිබෙන බව පවුලේ ඥාතීන් චෝදනා කරති.

ලංකාටෲත් ඇසුරෙණිnoyel04

noyel01

Last modified on Wednesday, 01 April 2015 17:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us