ඔහු පෙන්වා දෙන්නේ, උතුර පළාත සහ මධ්‍යම රජය අතර සම්බන්ධය අද වන විට බුරුල් වීම ඊට හේතුවී ඇති බවය. එම තත්ත්වය වෙනස් කිරීමට නම් විරෝධාර ශ්‍රේෂ්ඨ මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ආයුතු බව නාරාහේන්පිට, අභයාරාම විහාරස්ථානයේ ඊයේ(31) පැවැති උත්සවයකට එක්වෙමින් ජයතිලක මහතා පැවසුවේය.
මෙම උත්සවය අවසානයේ ඊට එක්වී සිටි හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට තමාගේ වීරත්වය ගැන ඔහු අදහස් පළ කළේ මෙසේය.
ඔබතුමා වීර නායකයෙක් කියනවා එතකොට මේ තීරණය ගන්න ඔබතුමා මොකද පරක්කු?
නෑ ඉතින්.. ඒක තමයි වීරත්වය. ප්‍රමාද වීම... නමුත් පක්ෂය කියන්නෙ නෑනේ.