මහින්දව ගෙදර යවපු කට්ටියට රනිල්ගෙන් සංග්‍රහයක්(photos)

Published in පුවත්
Wednesday, 01 April 2015 13:43

මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහිව දිවි නොතකා කටයුතු කළ එජාප සන්නිවේදන බලකායට අයත් වෙබ් සහ සමාජ ජාල ක්‍රියාකාරිකයින්ට ඊයේ දිනයේදී (31) අරලිය ගහ මන්දිරයට ගෙන්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේ පැන් සංග්‍රහයක් ලබා දී තිබේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ආණ්ඩු විරෝධි වෙබ්කරුවන් මා‍ෆියා කරුවන් ලෙස හංවඩු ගැසුනු අතර වෙබ් මා‍ෆියාවේ ගෝඩ් ෆාදර්,මංගල සමරවීර මහතාගේ ලේකම් රුවන් ෆර්ඩිනැන්ඩස් බවට ද ප්‍රචාරයක් ගෙන ගියේය.

ඒ කෙසේ නමුත් එළඹෙන මහ මැතිවරණ ඉලක්ක කරමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එජාප සන්නිවේදන බලකාය භාර අමාත්‍ය මංගල සමරවීර සහ සාගල රත්නායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය විසින් අලුත් වෙබ් සහ සමාජ ජාල මෙහෙයුමක් ඇරඹීම වෙනුවෙන් මේ තේපැන් සංග්‍රහය පවත්වා ඇත.

මෙහිදී ෆේස් බුක් සඳහා විශේෂ අවධානමක් යොමුකොට ඇති අතර දේශපාලන, ගොසිප්, කලා සහ විවිධ සමාජ ක්‍රියාකාරකම් වෙනුවෙන් වන ජනප්‍රිය ෆේස් බුක් පිටු හිමිකරුවන් සම්බන්ධීකරණය කොට මේ සඳහා කැඳවා ඇත.

වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ එහෙත් පොදුවේ මධ්‍යස්ථ මත දරන පිරිස්ද එජාපයේ මෙම සමාජ ජාල මෙහෙයුමට සම්බන්ධ කරගැනීමට සැලැසුම් සකස් කොට ඇත. ඒ අනුව වෙබ් අඩවි සහ බ්ලොක් අඩවි තුළිනුත්, සමාජ ජාල තුළිනුත් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩනැගෙන මතවාද අවම කිරීමටත්, ඉදිරි මහමැතිවරණයේදී බහුතර බලයක් එජාපය සතුකරගැනීමත් මෙම සැලසුම යටතේ අපේක්ෂිත බවට වාර්තාවේ.

ranil party 1

ranil party 2

ranil party 3

ranil party 4

ranil party 5

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us