බැඳුම්කර අළෙවියේදී කාලාන්තරයක් තිස්සෙ සිදුවෙමින් පවතින අක්‍රමිකතාවයක් නිවැරදි කිරීමට ගත් පියවර නිසි ක්රමයේදයක් අනුව සිදු නොවීම තුල මේ අක්රමිකතාවය සිදුව තිබෙන බව ඔහු පෙන්වා දෙන අතර මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශෙෂඥ දැනුමැති ආර්ථික විද්‍යඥයින් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇති බවත් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව වරදක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් පියවර ගත හැකි බව ද පවසයි.
එමෙන්ම දූෂිතයන් වංචා කරුවන් කොටු කර ගැනීම සඳහා වන වැඩ පිළිවෙල නීත්‍යානූ කූල ලෙස සිදුවෙමින් පවතින බවත් ඉදිරියේදී කිරි මුට්ටියක් ඉතිරෙන පරිද්දෙන් එකවර සියල්ල හොඳින් සිදුවනු ඇති බවත් ඔහු පවසයි.
එම සාකච්ඡාවේ වීඩියෝ පට පහත දැක්වේ.