දෙරණ ලිට්ල් ස්ටාර් දියණියට පොලිස් අධිකාරී කැත වැඩක් කරලා

Published in පුවත්
Wednesday, 01 April 2015 11:57

ගල්කිස්ස පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද තම පියා සම්බන්ධයෙන් විමසීමට මව සමඟ පොලීසියට ගිය මොහොතේ ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ පොලිස් අධිකාරී ඇතුළු පොලිස් නිළධාරීන් විසින් එම දැරිය ලවා ගීත ගායනා කරවාගෙන ඇති බව වාර්තාවේ.

' 2015.03.23 වන දින, තම සැමියා වූ විජේසිංහ යන අයව මිරිහාන පොලීසිය අත්අඩංගුවට ගත් බවත්, නමුත් දැනුම් දුන්නේ නැති බව ප්‍රකාශ කරන බිරිඳ ප්‍රියංකා, ආරංචියක් අනුව 2015.03.26 වන දින මිරිහාන පොලීසියට ගිය විට, ඔහුව රඳවාගෙන සිටි බව කියා සිටී.

ඉන් අනතුරුව 2015.03.29වන දින, එනම් දින 3කට පසුව, ගල්කිස්ස පොලීසියට භාර දී ඇත. එහිදී ඔහුට වධ දී තිබේ.

මේ පිළිබඳව වගකිවයුත්තන්ට ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසුව, ඇය ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයට ගියේ වාචිකව පැමිණිලි කිරීමටය. නමුත් පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් අධිකාරීවරයා හා කාර්යාලයේ නිලධාරීන්, ‘‘2014 දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයෙන් පළමු තැන දිනාගත් දියණිය” ලවා සින්දු කියවාගෙන විනෝද වී තිබේ.

නීති විරෝධිව රඳවා තබාගෙන, වධදෙමින් බොරු චෝදනා දැමීමට සැලසුම් කරන පොලීසිය, අත්අඩංගුවේ සිටින පියා බැලීමට ආපු පොඩි දුවගෙන් සිංදු කියවාගන්නට තරම් නීච, පාදඩ තත්ත්වයට පත්ව තිබේ.

පසුගියදා වෙලේ සුදාගේ ලිපිගොනු අතුරුදහන් කළේද මේ ගල්කිස්ස පොලීසිය බව සිහිපත් කළ යුතුයි.

නීතිගරුක පොලීසියක් ඇතිකිරිම ට පියවර නොගෙන කථා කරන යහපාලනය, මිත්‍යාවකි. ජනතාව රැවටීමකි. '

-ජනසංසදය ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us