කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන අතර එම පුරප්පාඩු පුරවා ගොවි ජනතාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයන් වෙනුවෙන් උපරීම සේවය ලබා දෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ.

පසුගිය දා මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය විවාත කළ මොහොතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශය හිතාමතාම රුහුණු මහා කතරගම දේවාලයට අපහාස කිරීම අරමුණු කරගෙන කළ ප්‍රකාශයක් යැයි තමා විශ්වාස නොකරන බව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා තිසර නානායක්කාර ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ.

පසුගිය වසරේ (2024) මුල් මාස 10 තුළ පිරිපහදු නොකළ තෙල්, පොල්තෙල් නමින් ආනයනය කර රට පුරා අලෙවි කිරීමෙන් රජයට රුපියල් බිලියන 05ක හෙවත් කෝටි 5000ක බදු ආදායමක් අහිමිකර ඇති බවත්, එම මුදල් වහාම අයකර ගැනීමට කටයුතු කළ යුතු බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත්‌ කරමින්‌ සිටින විදේශ ගමන්‌ බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන්‌ බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක්‌ තවමත්‌ රජය ලබා දී නොමැති බැවින්‌ විදේශ ගමන්‌ බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත්‌ ශ්‍රී ලාංකිකයන්‌ රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක්‌ එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය.

ඖෂධ වර්ග 56ක හිඟයක් ඇති බවත් එම ඖෂධ නිෂ්පාදනය කර ලැබෙන විට මාස 9ක කාලයක් ගතවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහනට සමගාමීව පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති මගී බස් රථ පරික්ෂාව හරහා තමන්ට සිය රැකියාව සිදු කර ගැනීමට විශාල බාධාවක් වී ඇති බව පවසා ලබන 07 වැනිදා සිට බස් ධාවනයෙන් ඉවත් වීමට බස් රථ රියැදුරන් තීරණය කර ඇත.

ld add copy

Connet With Us