අද (30)පෙරවරුවේ දෙමළ ජාතික සන්ධානය කොළඹදී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් තම සන්ධානයට අයත් සියලූ පක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කළ බව පැවැසීය.

ත්‍රීරෝද රථ කර්මාන්තයේ නිරත වන ලක්ෂ 3කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සම්මේලනය සිය සහාය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දෙන බව ඊයේ(29) නිවේදනය කළේය.

එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් පවතින බව ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත තරුණ සංසදය පවසයි. එහි සභාපති චමීර පුබුදු කුමාර මහතා පැවසුවේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ඡන්දය සලකුණු කිරීම සදහා ඡන්ද ම්‍යස්ථාන වෙත තවත් අයෙකු සමග යාමට මැතිවරණ කොමසාරිස්වරයා අවස්ථාව සලසා දී ඇති බවයි.

රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා පැවසුවේය. ඊයේ (29)පස්වරුවේ නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයේ පැවති ජනහමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

නිදහස් හා සාමකාමී මෙන්ම විශ්වාසවන්ත ජනාධිපතිවරණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා රජය පියවර ගනු ඇතැයි තමාගේ විශ්වාසය බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ ගේ අන්තර්ජාල හා සමාජ ජාලා ප්‍රචාරක ව්‍යාපාරය  සදහා  අැ.ඩො.මි 5ක් එනම් රු.මිලියන 650 ක් පමණ වෙතැයි දැනගන්නට ලැබී අැත.ඉන්දියානු සමාගමක් මඟින් මෙම කටයුත්ත මෙහෙයවන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද සම්බන්ධ වී සිටී. එම කාර්යාලය නාරහේන්පිට ප්‍රදේශයේ පිහිටා ඇත.
දෙමළ ජාතික සන්ධානයේ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන බව මීට සුළු මොහොතකට පෙර පැවැති මාධය සාකච්ඡාවකදී එම පක්ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත් කලේය.
රට බෙදන ගිවිසුම් කිසිවකටත් වත්මන් පාලනය සුදානම් නැති බව  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. තමා පළමු තැන ලබා දෙන්නේ මව්බිමට බව සදහන් කළ මහින්ද රාජපක්ෂ මහතා මව්බිම සුරැකීමට දිවි හිමියෙන් කටයුතු කරන බවද කියා සිටියේය

 

ld add copy

ක්‍රීඩා

Connet With Us