ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව සිදු කළ පරීක්ෂණ මඟින් චෝදනා ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවැසීය.

විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආලෝකමත් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඡන්ද 225කින් 212ක් ලබා ගැනීමෙන් ඊයේ (28) සම්මත විය. මෙය මුළුමහත් ශ්‍රී ලංකාවේ සියලු ජන කොටසක් ම ලද සැබෑ නිදහසක් බව සඳහන් කළ හැකි අතර ලෝකයේ රාජ්‍යයක බලයේ සිටින නායකයෙක් සිදුකළ ඉහළම පරිත්‍යාගය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කරන ලද පරිත්‍යාගය ලක් ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ඇරයුමක් මත ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා මැයි මස 02 සිට 03 වැනිදා දක්වා නිල සංචාරක් සදහා ශ‍්‍රී ලංකාවට පැමැණීමට නියමිතය.

මහජන බැංකුවේ 2014 වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත අද (28) පිළිගැන්වීය. ඒ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසිනි.

විශ්වවිද්‍යාලවලට භික්ෂූන් බදවා ගැනීම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර කැලණිය විශ්වවිද්‍යාලවල ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 41 ක් ගතවී ඇත.ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයයට බෞද්ධ හා පාලි සරසවි භික්ෂූන්ද එක්වී ඇත.

රුපියල් මිලියන සියයක රේගූ බදු වංචාවක්‌ හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින පුද්ගලික සමාගමකට අයත් තඹ කන්ටේනර් දෙකක්‌ නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් තමාට විරුද්ධව පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව නියෝජ්‍ය ඇමැති සුජිව සේරසිංහ මහතා පවසයි.ඔහු මේ අදහස් පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉදිරි මහා මැතිවරණයේදී ද ජයග්‍රහණය කා සතු වියයුතු දැයි  තීරණය වනු ඇත්තේ තම පක්ෂයේ මතයට අනුව බව  වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලතන් පවසයි. දෙමළ  ජාතික සන්ධානය මෙම තත්ත්වයට ලඟාවුවේ  විවිධ ජයග්‍රහණ සහ බාදක මධ්‍යයේ බවද ඔහු පවසා සිටී.

නේපාලයේ රැඳි සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(28) දහවල් දිවයිනට පැමිණියේය. ඒ, ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානයෙනි. භූ කම්පනයෙන් විපතට පත් නේපාල වැසියන්ට සහන රැගෙන මෙම යානය ඉකුත් ඉරිදා නේපාලය බලා පිටත්ව ගියේය.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us