මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සජිත් ප්‍රේමදාසගේ සහ අනුර කුමාරගේ තරගය සුවිශේෂය. ඒ මන්ද යත් මේ දෙපාර්ශ්වය එකම ප්‍රතිපත්ති සමුදායක් කර පින්නාගෙන තරග වැදීමය. කෙටියෙන්ම කියතොත් ඒ පරණ රාජපක්ෂ වාදයය. අරගලයෙන් පරාජය කළා යැයි කිව් රාජපක්ෂ වාදයය. අරගලයෙන් ඉල්ලා සිටි සිස්ටම් ඡේන්ජ් එකට ප්‍රතිවිරුද්ධ නැතිනම් එතෙක් පවත්වාගෙන පැමිණි මජර දේශපාලන ආර්ථික ක්‍රමයය. රට බංකොළොත් කිරීමට හේතු සාධක වු ක්‍රියාමාර්ගයන්ය.

මෙවර ජනපතිවරණය ඉලක්ක කරගෙන වඩාත්ම වෙහෙසුන අපේක්ෂකයා ජවිපෙ අනුර කුමාරය. ඔහුගේ මැතිවරණ මෙහෙයුම ඇරඹුණේ ගෝඨා පාලන සමයේ දීය. එ් ගාලු මුවදොර අරගලයටත් පෙර සිටමය. මුලින්ම ඔහු එම අරගලයට එරෙහිව පෙනී සිටියෙත් එමඟින් ඔහුගේ ජනාධිපති සිහිනය බිඳ වැටීම ගැන සැකය නිසාය. අරගලය දියාරු කිරීමට ජවිපෙ වෙහෙසුන අතර ඒ අවසන් වීමෙන් පසුව අරගලය ඇති කළ දේශපාලන රික්තය තුළ එය තමන්ගේ වාසියට යොදා ගැනීමේ පියවරකටද ජවිපෙ මාරු විය.

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඉතිහාසයෙ දැවැන්තම දේශපාලන සන්ධානය බිහිකරනවා කියමින් අද දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී සමගි ජන බලවේය දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවක් සමඟ සන්ධාන ගත වූ බවට ගෙන ගිය ප්‍රචාරය බොරුවක් බව හෙළිවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද නිවේදනය කළේය. එය බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති රාජපක්ෂ පවුලේ සහ හිතවතුන් කිහිප දෙනෙකුගේ කුඩා උත්සවයකදීය.

මේ පාර කොහෙටද ඇහුවාම මාලිමාවට කිව් ලොකු පිරිසක් සිටියේය. නමුත් දැන් පාරෙදි වැඩිපුර හමු වන්නේ රනිල් ගැන හිතලා බලන්න ඔ්නෑ යැයි කියන අයය. ඒ කියන්නේ වැඩි දෙනෙක් මාලිමා පාරේ නොයන බවය. රනිල් දිහා බලන බවය.

රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් දායකවීමට පොහොට්‍ටු පක්ෂයේ මැති ඇමැතිවරුන් තීරණය කිරීම මාලිමා පාක්ෂිකයන්ගේ විරෝධයට හේතු වී ඇත. රනිල් මේ හොරු සමීප කරනොගත්තේ නම් රනිල්ට ඡන්දය දීමට සිටියාක් මෙන් මේ විවේචනය බරපතලව ගෙන එමින් තිබේ.

හැමෝම කියවන්න හැබැයි අඩන්න බෑ...දින්නත් පරදින, පැරදුනත් පරදින, මාලිමාවට උතුර දකුණ හොයාගන්න බැරිවෙන බව නියතයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us