සජිත්ගේ සන්ධාන බොරුව ලොකුම විහිළුවක් වෙයි Featured

Thursday, 08 August 2024 13:49

ඉතිහාසයෙ දැවැන්තම දේශපාලන සන්ධානය බිහිකරනවා කියමින් අද දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී සමගි ජන බලවේය දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවක් සමඟ සන්ධාන ගත වූ බවට ගෙන ගිය ප්‍රචාරය බොරුවක් බව හෙළිවේ.

අද දින මෙලෙස එකතු වූ කණ්ඩයමේ බහුතරය කොහොමත් සමගි ජන බලවේගය සමග මීට පෙර වසර 5 කට ආසන්න කාලයක් සන්ධාන ගතව සිටි පිරිසමය. ඇතැම් පාර්ශ්ව සමග මීට පෙර අවස්ථා කිහිපයකදිම සන්ධාන ගත වන බව පවසමින් උත්සව පවත්වා ඇත.

සජබයට අද එක් වූවා යැයි කියන දේශපාලන පක්ෂ ගනනාවක ලැයිස්තුවක ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුව
ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ශය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය විය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය සජිත් සමග එක් වුණා යැයි කීම පට්ටපල් බොරුවකි. ‍

ශ්‍රීලනිපය නියෝජනය කළ දයාසිරි ජයසේකර හැර ශ්‍රීලනිපයේ කිසිවකුත් මේ සඳහා එක්වීමක් සිදුව නොමැත. එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානය එකතු වූ බවත් පට්ටපල් බොරුවකි. අක්‍රීය පක්ෂයක් වූ එජනිස හි තිලංග සුමතිපාල පමණක් සජිත් සමඟ එක්වී සිටී. එසේම දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය ඇතුළු පක්ෂ සහ සංවිධානය කිහිපයක් සමගි ජන සන්ධානය හා එක් වුවා යනුවෙන් පවසන දෙයත් අර්ධ සත්‍යයකි මන්ද යත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය, යනු මෙහි නම් සදහන් අනෙක් පක්ෂ වල සන්ධානයක් වන නිසාය, මෙම පක්ෂ සියල්ම සමගි ජන බලවේගය සමග පසුගිය මහ මැතිවරණයේ සිටම සන්ධාන ගත වූ පක්ෂයකි. මුස්ලිම් කොන්ග්‍රසයද සජබයේම කොටසකි.

ඩලස් ඇතුලු ඇතුලු පිරිසද අලුතෙන් සන්ධාන ගත වූවන් නොවේ. පොහොට්ටුවෙන් විතැන් වූ මේ අය පසුගිය දෙවසර පුරා සජබය සමග කටයුතු කළ අය වෙයි. පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේ දී සජිත්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූයෙ ඩලස්ය. අර්ජුන් රණතුංග ද සජිත් සමග වැඩකරන්න ගෙන තිබුණේ බොහෝ කලකට පෙර සිටමය.
කෙසේ නමුත් මේ මහා සන්ධානයට අළුතෙන් එක් වුවා යැයි පැවසිය හැක්කේ නිතර එහාට මෙහාට පැන පුරුදු දයාසිරිත් තිලංගත් පමණි. දයාසිරිගේ පැනීමට එකම හේතුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යළි පාර්ලිමේන්තුවට පත්වීමේ අවස්ථාව පහසු කර ගැනීම වෙනුවෙන් පමණි. ජනාධිපති රනිල්ට සහය වුවහොත් ඒ සහය දෙන කණ්ඩායමෙන් නාම යෝජනා ලැබුණත් මනාප නොලැබීම නිසා ඔහුට අවස්ථාව අහිමි වීම එයට හේතුවය. තිලංගටත් ඇත්තේ ඒ ප්‍රශ්නයමය.

එසේම මේ මොහොතෙ මෙතැන සිටිය යුතු චම්පික රිෂාඩ් ෆොන්සේකා වැනි සජබය සමග සන්ධාන ගතව සිටි දේශපාලන පක්ෂ නායකයන් මෙතන සිටියේ නැත. උතුරේ දෙමළ පක්ෂ සිටියෙ නැත. එසේම මීට පෙර සන්ධානගත වීමේ පොරොන්දු ලබ දී තිබු අනෙක් පක්ෂ කිහිපයක් ද මේ ‍රැස්වීමේ සිටියේ නැත.

කොහොම නමුත් අද දින සජිත් කළේ රටම ගොනාට ඇන්දීමකි. තමන් සමග සිටි පිරිසම වේදිකාවක මතට කැඳවා අලුත් සන්ධානයක් හැදු බවට බොරුවක් සමාජ ගත කිරීමය.

පටන් ගැන්මේදීම මෙහෙම බොරු රැවටීමක් කළ පක්ෂයක පක්ෂ නායකයකුගෙන් ඉදිරියේදිත් බලපොරොත්තු විය හැක්කේ බොරුවම පමණි.

ඒ වගේම සජිත් ප්‍රේමදාස තමන්ගේ පාලනයකදී ලබා දෙනවා කියන මහා සහනාධාර තොගයමත් බොරුවකි. එවැනි සහනාධාර බෙදිල්ලක් කිරීමේ කිසිදු හැකියාවක් රජයට නොමැත. එසේම එය වැරදි මෝඩ ආර්ථික ප්‍රතිපත්තියකි. එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුවව මෙවැනි සහනාධාර තොගයක් ලබා දීමේ හැකියාවක් කිසිසේත්ම නැත. ඒ අතර එම ගිවිසුම වෙනස් කරන බවට පැවැසූවද ඇත්ත තත්වය නම් එම ගිවිසුම වෙනස් කිරීමක් කළ නොහැකි වීමය. වෙනසක් විය හැක්කේ එම ගිවිසුමේ එකඟතා කඩ කිරීම නිසා මුල්‍ය අරමුදල ඉවත් වීමෙන් පමණි.

ඒ අනුව සිදු වන්නේ රට බංකොලොත් බවින් මුදවාගෙන ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරගනිමින් මේ යන ගමන නියත ලෙසම යළි කඩා වැටීමකට ලක් වීමය. සජිත්ගේ බොරු පිළිගෙන ඡන්දය දෙන ජනතාවට සජිත්ලා කළ බොරුව ටක්කකේටම තේරුම ගත හැකි වෙන්නේ එදාටයි. නමුත් රටටම සජිත්ලාගේ බොරුව නිසා පීඩාවට පත්වීමට සිදු වෙනු ඇත..

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us