රටට ඩොලර් ගෙනා හරීන්-මනුෂ සජබයෙන් පැන්නීම ගැන සජිත් සතුටෙන් ද? Featured

Friday, 09 August 2024 13:04

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදුනි.

කෙසේ නමුත් අමත්‍ය හරීන් සහ මනූෂ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ අදහස්වලට විරුද්ධව යමින් ජනාධිපති රනිල්ට සහයෝගය ලබා දීමට තීරණය කළේ රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියදී සහ රට අරාජික තත්වයකට පත්වෙමින් තිබියදී එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැතිවරයා ලෙස රටේ වගකීම භාරගෙන මේ අර්බුදකාරී අවස්ථාවෙන් රටත් ජනතාවත් බේරා ගන්නැයි කළ ආයාචනය ප්‍රතික්ෂේප කිරීම නිසාය.

හරීන් මනුෂ සහ තවත් කිහිප දෙනෙකු ඒ මොහොතේ රටේ වගකීම බාර ගෙන රට වෙනුවෙන් වන වගවීම සජබය පෙන්විය යුතු බවත් රටේ ඒ වන විට පැවැති දේශපාලනික වියවුල්කාරී තත්වයන්, සිවිල් කලකෝලහල පාලනය කිරීමත් ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් ගෙන ඒම සිදු විය යුතු බව අවධාරණය කර තිබිණි. නමුත් සජිත් ඊට කැමති නොවීය. ඒ අවස්ථාව මඟ හැරීම සිදු කළේය.

විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාසට රට ස්ථාවර කිරීම සඳහා පැවැරී තිබු අනිවාර්ය වගකීම සහ යුතුකම පැහැර හැරීම සිදු නොවිය යුතුව තිබුණකි. රටේ ජනතාවට වගවීමක් ඇති දේශපාලනයක යෙදුනේ නම් තමන්ගේ පටු දේශපාලනික වුවමණාවන් ඉවත ලා ඒ මොහොතේ වගකීම බාරගැනීම විය යුතුව තිබිණි. එසේම ඒ සඳහා එවකට ආණ්ඩු බලය හෙබවූ පොදුජන පෙරමුණේ සහයෝගයද පූර්ණ වශයෙන් ලාබා දෙන බවට පොරොන්දුවක්ද ජනාධිපතිවරයා ලබා දී තිබිණි.

නමුත් එයට සජිත් ප්‍රේමදාස මෙන්ම සජබයේ ආර්ථික විශේෂඥ කමිටුවේ සාමාජිකයන් වු හර්ෂ දි සිල්වා, ඒරාන් වික්‍රමරත්න, කබිර් හෂිම් යන අයට ඒ මොහොතේ රට බාර ගැනීම කළ නොහැකි බවට දැඩි ස්ථාවරයක පසු විය. එයට ප්‍රධාන හේතුව වුවේ රට මුහුණ දී තිබු අර්බුදය හමුවේ ඒ විසඳීම සඳහා තමන් වෙත විසඳුම් නොමැතිබව මේ අය තේරුම් ගත් නිසාය. මේ පිළිබඳව මහ බැංකු අධිපතිවරයා මෙන්ම ආර්ථික විශේෂඥයන් ගනනාවක් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තමන්ට කිසිවක් කළ නොහැකි බව අවබෝධ කරගෙන තිබිණි.

මේ පිළිබඳව හර්ෂ දි සිල්වා ද පසුව හෙළදරව් කර තිබිනි. එසේම අදාල සාකච්ඡාවන්ට සහභාගී වූ අයට හෙළිකර තිබිණි. මේ නිසා සජිත් සහ සජබ ආර්ථික විශේෂඥයන් රටට ඔ්නෑම විපතක් වී සිදුවන දෙයක් සිදු වීමට ඉඩ හැර බලා සිටීම තෝරා ගන්නා ලදී.

ඒ අනුව සජිත් ඇතුළු මේ ආර්ථික විශේෂඥ කමිටුව, රටේ අර්බුදය විසඳීම සඳහා තමන්ට විසඳුම් නැති වුවත් විපක්ෂයට වී ජනාධිපති රනිල් සහ ආණ්ඩුව ගන්නා සියළු පියවරයන් වැරදි බවට විවේචනය කිරීම පමණක් සිදු කිරීම නම් ඉහහළින්ම සිදු කරනු ලැබීය.

ඉන් පසුව හරීන් සහ මනුෂ මේ නෝන්ජල් විපක්ෂ නායකයාව සහ බොරුවට කටමැත දොඩවන්නන්ගේ පක්ෂයක් වූ සජබයෙනුත් ඉවතව ජනාධිපති රනිල්ට සහය දී රට මුහුණ දී තිබු අර්බුදයෙන් මුදා ගැනීමට තීරණය කරනු ලැබීය.

මෙහිදී හරීන්ලා මනුෂලා ගත් තීරණය දේශපාලනඥයන් ලෙස රටට ජනතාවට ඇති වගවීම පෙන්නුම් කරන්නක් මෙන්ම ඔවුන්ගේ අවංක අභිලාශය ද පෙන්වා දීමකි.

කෙසේ නමුත් ජනාධිපති රනිල් මේ තරුණ දේශපාලනඥයන් දෙදෙනාට පැවැරු වගකීම ද දැවැන්ත අභියෝගයක් විය.

රට ඒ වන විට පැවැතියේ විදේශ සංචිත බිංදුවටම වැටුණු බංකොලොත් රටක් ලෙසය. විදේශ විනිමය ලැබෙන මාර්ග අවහිර වී තිබිණි. විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයේ ආදායම් මෙරට විදේශ සංචිත ගොඩ නැංවීමේ ප්‍රධානම මාර්ගයන් දෙකක් විය. හරීන්ට සංචාරක ව්‍යාපාරය නංවාලීමටත් හරීන්ට විදේශ සේවා කටයුතුත් භාර කෙරීනි. මේ ක්ෂේත්‍ර යළි මුල සිටම ගොඩ නැංවීමට සිදු තිබිණි.

ඊටත් වඩා ඒ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ මෙරට විදේශ ශ්‍රමිකයන්ට මෙරටට මුදල් නොඑවන ලෙස විශාල බලපෑමක් සිදු කරමින් තිබිණි. එසේම නිති පතා වැඩ වර්ජන උද්ඝෝෂණ ආදි කඩාකප්පල්කාරී ක්‍රියාවන් වල යෙදෙමින් මෙරට තුළ නිරන්තරයෙන් සිවිල් කලකොලහල ඇති රටක් බවත් අනතුරුදායක, ආරක්ෂාකාරි නොවන රටක් බවත් ඒත්තු යන ලෙස ජාත්‍යන්තරය තුළ මතයක් වැපිරීමේ වැයමක යෙදිනි. මෙමගින් මෙරටට විදේශ සංචාරකයන් පැමිණීම අඩාල කර දැමීමේ උත්සාහයක සිටියේය.

හරින් සහ මනූෂට මෙම විපක්ෂයේ අභියෝගය ජය ගැනීමටත් සිදු විය. ජනාධිපතිවරයා කවර අවදානමක් තිබුණත් බියක් සැකක් නොමැතිව දැවැන්ත අර්බුදයකට ගොදුරුව තිබු රට ගොඩ දැමීමේ අභියෝගය භාරගත්තා සේම හරින් සහ මනුෂ ද විය හැකි අවදානම් නොතකා තමන්ට පැවැරුණ මේ දැවැන්ක අභියෝගය බාර ගත්තේය. නමුත් ඉතා කෙටි කලකින්ම ඔවුන් තමන්ගේ සාර්ථකත්වය පෙන්වීය. තාරුණ්‍යයේ ජව සම්පන්න බව කාර්ය ශුරත්වය නිර්මාණාත්මක බව සහ අභියෝග ජය ගැනීමේ අධිෂ්ඨාන ශීලීත්වය පෙන්වමින් රටට ඩොලර් ගෙනෙන උලපත් පාදා ගැනීම සිදු කළේය.

රට ආර්ථික ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් මෙම ඇමැති දෙපොල සිදු කළ කාර්ය භාරය ඒ අනුව ඉතිහාස ගත වන මෙහෙවරක් ලෙස සැලකිය හැකිය.

කෙසේ නමුත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමන්ගෙන් විය යුතු වගවීම යුතුකම පැහැර හැරි සජිත් ප්‍රේමදාස සහ සජබය, මේ ඇමැතිවරුන් දෙදෙනා මේ සිදු කළ වැදගත් කාර්භාරය ගැනවත් සැලකීමක් නොකර පක්ෂයෙන් පන්නා දැමීම දැන් සිදු කර ඇත. ඒ ගැන ඔහු තරම් සතුටට පත් වන්නෙකු ද සිටිය නොහැක. මන්ද ඔහුට වත්මන් රනිල් පාලනය ගැන ඇත්තේ ද්වේශ සහගත වෛරයක් නිසාය.

අඩුම තරමින් මේ ඇමැති දෙපොලගේ පක්ෂ සාමාජිකත්වය අහිමි නොකර තැබුවා නම් සජිත්ට තමන් සාදාචාර සම්පන්න, ජනතාවාදී, රටට ආදරය කරන දේශපාලනයක නිරත වෙන්නෙකු බවටත් තම පාක්ෂිකයා තුළ හෝ පහන් හැඟීමක් ගොඩනඟා ගැනීමේ අවස්ථාවක් තිබිණි. නමුත් සජිත්ලාගේ දේශපාලනය ඊට වඩා නිවට ජඩ කම් වලින් පිරී පවතින්නක් බව දැන් පැහැදිලිය.

ඒ කොහාම වුවත් මෙම නඩු තීන්දුවෙන් තවත් යමක් පැහැදිලිය. ඒ මෙරට නීතිය සහ අධිකරණය දේශපාලනික බලපෑම් වලින් තොරව නියමාකාරයෙන් ක්‍රියාත්මක වන බවය. අධිකරණයට ඇගිලි ගැසීමක් ජනාධිපතිවරයා සිදු කරන්නේ නම් මේ සුළු ප්‍රශ්නය සරළව විසඳාගැනීම සිදු කළ හැකිව තිබිණි. නමුත් ජනපති ඒ තැනට වැටී නැත. රටේ නීතියේ ආධිපත්‍යය සහ ස්වාධීන අධිකරණය පවත්වා ගෙන යෑමට අවශ්‍ය සහයෝගය සහ පහසුකම් සැලසීම පමණක් සිදුකරමින් තිබේ. මැති ඇමැතිවරුන්ට එල්ල වන චෝදනා හමුවේ අනිසි ලෙස අනීතිකව සදාචාර විරෝධි ලෙස ඔවුන් බේරා ගැනීමට ඔහු කටයුතු නොකරන බවත් මෙයින් පැහැදිලිය.

මේ අනුව රටකට අවශ්‍ය නායකත්වය කුමක්ද යන්න ජනාධිපති රනිල් මෙන්ම හරීන් මනුෂ වැනි නායකයන් පවා අද පැහැදිලිව පෙන්වා දෙමින් තිබීම මේ යුගයේ තවත් ආශ්චර්යක් ලෙස හැඳින් විය හැකිය. මන්ද මෙවැනි දෑ මීට පෙර දැකීමේ හැකියාව මෙරට ජනතාවට නොලැබුණු තරම් වන නිසාය.

මේ වන විටත් මේ රට ගොඩ නැගීමට පුළුවන් බව ජනාධිපති රනිල් සහ ආණ්ඩුව ප්‍රායෝගිකවම පෙන්වා ඇත. හෙට දවසටක් රටට අවශ්‍ය වන්නනේ මේ දේශපාලන නායකත්වය මිස. වගකීම් මඟ හරිමින් , බොරු කටකයිවාරුකම් කියවන, විසුළුකාර නිවට නියාලු ජඩ අවස්ථාවාදී කුහක දේශපාලනයක් නොවේ.

Last modified on Friday, 09 August 2024 13:04

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us