අනුරගේ අන්තිම තුරුම්පුව සිංහල බෞද්ධයන් ඇන්දීමට භික්ෂූන් පාවිච්චි කිරීමයි   Featured

Saturday, 10 August 2024 21:23

මෙවර ජනපතිවරණය ඉලක්ක කරගෙන වඩාත්ම වෙහෙසුන අපේක්ෂකයා ජවිපෙ අනුර කුමාරය. ඔහුගේ මැතිවරණ මෙහෙයුම ඇරඹුණේ ගෝඨා පාලන සමයේ දීය. එ් ගාලු මුවදොර අරගලයටත් පෙර සිටමය. මුලින්ම ඔහු එම අරගලයට එරෙහිව පෙනී සිටියෙත් එමඟින් ඔහුගේ ජනාධිපති සිහිනය බිඳ වැටීම ගැන සැකය නිසාය. අරගලය දියාරු කිරීමට ජවිපෙ වෙහෙසුන අතර ඒ අවසන් වීමෙන් පසුව අරගලය ඇති කළ දේශපාලන රික්තය තුළ එය තමන්ගේ වාසියට යොදා ගැනීමේ පියවරකටද ජවිපෙ මාරු විය.

කෙසේ නමුත් මෙම වසර කිහිපය තුල 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජවිපෙ දන්නා සෙල්ලම් සියල්ල මේ වන විට දමා තිබේ. එහෙත් තමන් බලාපොරොත්තු වූ ලෙස ජනාධිපතිවරණය ජය ගැනීමට තරම් ඡන්ද ප්‍රමාණයක් සහතික කර ගැනීමට ජවිපෙට නොහැකිව තිබේ. කෝටියක් ඡන්ද ගන්වාය කියමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලටද දැන් අවතීරණය වී ඇත්තේ එයින් අඩකවත් ඉලක්කයක් සපුරා ගැනීමට නොහැකිව වද වෙන තැනය. මෙවර ඡන්ද කෝටියක් යනු ද කිසිවකුට අත්පත් කර ගත නොහැකි ඉලක්කයක් වන බැවින් ජවිපෙ ඒ තැනට ඇද වැටීමෙන් පෙන්වන්නේ එක්කො ඔවුන් සටන අත් හැර ඇති බවය. නැතිනම් යථාර්ථයට මුහුදී ගත නොහැකිව සිහිනයක ජීවත් වීමට තෝරාගෙන ඇති බවය.

ඒ කොහොම වෙතත් ජවිපෙ තොරතුරු මාර්ග අනුවව දැන ගැනීමට තිබෙන පරිදි විවිධ සමීක්ෂණ වාර්තා රැසක් පදනම් කර ගනිමින් කළ ගනනයන් අනුවව ජවිපෙ මීට වසරකට පමණ පෙර තමන්ට ඇතැයි විශ්වාස කළ ලක්ෂ 50 ක පමණ ඡන්ද පදනම මේ වන විට වේගයෙන් අඩු වී ඇත. ඒ අනුව මේ වන විට සිටින්නේ ලක්ෂ 20 ත් 25 ත් අතර උපරීමයකය. එම තත්වයත් මේ වන විට පවතින දේශපාලන වාතාවරණය අනුවය. ජනාධිපතිවරණය ආසන්න වන විට තවදුරටත් කඩා වැටීමේ අනතුරක් තිබෙන බව ජවිපෙ උපකල්පනය වී ඇත. රජයේ තොරතුරු මාර්ග පවසන පරිදි බුද්ධි අංශ වාර්තා අනුවත් ජවිපෙ සිටින්නේ ඡන්ද ලක්ෂ 20ත් 22ත් අතර මට්ටමයකය. එම වාර්තා අනුව සජබය ලක්ෂ 28 ක පමණ උපරිමයක සිටින අතර ජනපති රනිල්ට ඇති කැමැත්තත් ලක්ෂ 20ත් 22ත් අතර මට්ටමේ පවතී. කෙසේ නමුත් ජනාධිපති රනිල්ගේ ජනප්‍රියතාවය කෙටි කලකදී වේගයෙන් ඉහළ යෑම විශේෂ තත්වයක් ලෙස මෙම වාර්තා පෙන්වා දි ඇත.

ඒ අතර තවමත් සියයට 40 ක පමණ ප්‍රමාණයක් ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැත. මේ අනුව මෙම පාවෙන ඡන්ද ලෙස සැලකිය හැකි කොටසෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගන්නා අපේක්ෂකයාට ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ වැඩි විභවතාවයක් පවතී.

මෙම තත්වයන් යටතේ ජවිපෙ මේ වන විට සූදානම් වන්නේ තම ඡන්ද පදනමට තවත් ලක්ෂ 10 කවත් ප්‍රමාණයක් එකතු කර ගැනීම මඟින් එළැඹෙන මහ මැතිවරණයේදී විපක්ෂයේ වැඩි බලයක් අත්පත් කර ගැනීමේ සැලසුමකය. කෙසේ නමුත් මේ වන විට ජවිපෙ සියලුම මට්ටම් වල ජන කොටස් ආමන්ත්‍රණය කර අවසක් කර ඇති අතර ඔවුන්ට තව දුරටත් ඉතිරිව ඇත්තේ මෙරට දේශපාලනයේ තිරණාත්මක සහ ජරාජීර්ණම උපක්‍රමික භාවිතාවකට පිවිසෙන්නය.
ඒ සිංහල බෞද්ධ ජන කොටස් වල ආකර්ෂණය ඇති කර ගැනීමෙ උපක්‍රමයක් වෙත යෑමය. මේ වෙනුවෙන් නුදුරු දිනයක ජවිපෙට හිතවත් භික්ෂුන් මාර්ගයෙන් සාමනේර භික්ෂූන් 5000 ක් පමණ රැස් කරගනිමින් ඒ හරහා සිංහල බෞද්ධ ජනතාව මන්ත්‍රයණය කිරීමේ දැවැන්ත සමුළුවක් සැලසුම කර තිබේ.

කොහොම නමුත් ජවිපෙයට දෙමල මුස්ලිම් ජන කොටස් තුළ ජනප්‍රිය තාවයක් නොමැත. ජවිපෙට ලැබිය හැකි වන්නේ සිංහල බෞද්ධ ජන කොටස් අතර මධ්‍යම පාංතික ඡන්දය. එයත් නාගරික ජනතාව මත පදනම්ව පවතී. ජවිපෙ සිංහල බෞද්ධ ග්‍රාමීය ප්‍රජාවේ කුල පීඩනය, ආර්ථික පීඩනය පදනම් කරගෙන බිහි වු පක්ෂයක නමුදු වර්තමානය වන විට එම පදනම ඔවුන්ගෙන් ගිලිහී ඇති බවත් පැහැදිලිය. මේ නිසා මෙම ග්‍රාමීය ජනතාව යළි ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් විශේෂ මැදිහත් වීමක කරන ලෙස අනුර කුමාර තමන්ගේ පක්ෂ සාමාජිකයන් සසහ හිතවතුන්ගෙන් ද පසුගිය දා විශේෂ ඉල්ලීමක් කර තිබිණි. පැවැත්වීමට නියමිත් භික්ෂු සමුළුවේ අපේක්ෂාවද ඒ හරයා ග්‍රාමීය ජනතාවගේ සිංහල බෞද්ධ ජාතිකවාදී හැඟීම් අවුළුවා එම ඡන්ද කොටසක් දිනා ගැනීමය.

ජවිපෙ දේශපාලන චින්තනය ආරම්භයේ පටන් සිංහල බෞද්ධ වර්ගවාදි වුවමණාවන් මත පදනම්ව තිබු එකක් වන නමුද් පසුගිය කාලයේ එ් සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හමුවේ සිංහල බෞද්ධ අනන්‍යතාවයෙන් ඉවත් ව ලිබරල් කරණය වීමේ උත්සාහයක ජවිපෙ නිරත විය. විශේෂයෙන්ම රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය සිංහල බෞද්ධ වර්ගවාදයට නායකත්වය සපයන තැනට පත් වීම තුළ ජවිපෙට තවදුරටත් එම මතවාදයේ එල්ලී සිටීමෙන් ලැබිය හැකි දේශපාලන වාසියක් තිබුණේද නැත. ( මේ රාජපක්ෂ වාදය නිර්මාණ කිරීමට මතවාදී සහ ක්‍රියාකාරී වැඩිම දායකත්වයක් සපයා තිබුණේ ද ජවිපෙ බව අමතක නොකළ යුතුය). පසුව රාජපක්ෂ කඳවුරෙන් ජවිපෙ ඉවත් වීමද සිදු විය මේ අනුව රාජපක්ෂ කඳවුරට එරෙහි වන්න නම් මේ සිංහල බෞද්ධ මතවාදයෙන් විතැන් වීමටද ජවිපෙට බල කර තිබිණි. මේ ආදී තත්වයන් තුළ බහුජන පක්ෂයක් ලෙස සමාජ ගත වීම වෙනුවෙන් පක්ෂය නැවත හැඩ ගැස්සවීමට කටයුතු කරන ලදී. ජාතික ජන බලවේගය යනු එහි ප්‍රතිපළයය. නමුත් එමගින් තමන් අපේක්ෂා කළ ප්‍රතිපල අත්පත් කර ගැනිමට ජවිපෙ සමත් වුයේ නැත. විශේෂයෙන්ම ලිබරල් දේශපාලනික ආර්ථික වුවමණාවන් සහිත බලවේග වඩා බලවත් වීම තුළ ජවිපෙට තමන් නොදන්නා ඉසව්වකු තුළ ඔවුන් සමඟ තරගයට දුර්වල විම සිදු විය. දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති මතවාද මධ්‍යයේ ජවිපෙ (සහ මාලිමාව යටතේ සිටින වියතුන් කියන අයගේ පවා) නොදන්නා කම හෙළිදරව් වූ අතර අවසානයේ විසුළුවක් බවටද පත්විය.

නමුත් මේ වන විට රාජපක්ෂ කඳවුරේ බීඳ වැටීම හමුවේ සිංහල බෞද්ධ ජන කණ්ඩායම් විසිර යැම තුළ එයින් දේශපාලනික වාසියක් අත් පත්කර ගැනීම ජවිපෙ මේ වන විට තෝරා ගෙන ඇති උපක්‍රමය වේ. රාජපක්ෂ කඳවුර නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් එම ජාතිකවාදී මතවාදය වෙනුවෙන් පෙනී සිටිය හැකි බලපෑම් සහගත දේශපාලනික චරිත සහ විශේෂයෙන්ම පෙර ඔවුන්ට සහයට සිටි භික්ෂු කොටස් පවා ඔවුන්ගෙන් ඈත් වීම මත සිංහල ඡන්ද පදනම කෙරෙහි වැඩි බලපෑමක් කිරීමේ හැකියාව අහෝසි වී ඇත. ඒ සියල්ලට වඩා රාජපක්ෂවරුන් එම ජනතාවගේ විශ්වාසය බිඳ දැමීම සිදු තිබේ. එම වාසිය ජවිපෙට ගැනීමට හැකියාවක් ඇති නමුත් එ් වෙනුවෙන් සිංහල බෞද්ධ වර්ගවාදී වුවමණාන් වෙනුවෙන් පෙනී සිටින තැන දක්වා පල්ලම් බැසීමට සිදු වෙනු ඇත.

එය අනුරගේ සහ ජවිපෙ ජයග්‍රහණය වෙනුවෙන් යම් පමණකට උපකාරයක් විය හැකි නමුදු රටක් ලෙස කල්පනා කිරීමේ දී රටට වැඩිම හානියක් සිදු කළ ගෝත්‍රික පන්නයේ මතවාදයක් යළි ඔසවා තැබීමට ජවිපෙට සිදු වෙයි. එ් අනුව එය ජවිපෙ රටට ලබා දෙන දේශපාලනික පරාජයක් බවත් පැවසිය යුතුය. විශේෂයෙන්ම මෙම සිංහල බෞද්ධ රාජපක්ෂ මතවාදය පසුගිය ගෝඨා පාලනයේ අසාර්ථකත්වය තුළින් සුන්නද්දූලි වෙන තැනකට පත්ව තිබිණි. ගාලු මුවදොර අරගලය තුළින් රාජපක්ෂ වාදය පරාජය වූ බවට අදහසක්ද සමාජ ගතව තිබිණි.

නමුත් ජවිපෙට සිය පැවැත්ම උදෙසා මෙම පරාජය වූ රාජපක්ෂ වාදය තමන්ගේ පක්ෂ වුවමණාවන් වෙනුවෙන් පාවිච්චි කිරීමට සිදු වීම දේශපාලනයේ ඇති තක්කඩි ස්වභාවය නැවත අවධාරණය කිරීමක්ද වෙනු ඇත.

- සුජය

Last modified on Saturday, 10 August 2024 21:24

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us