රාජපක්ෂවාදයේ නූතන උරුමක්කාරයෝ   Featured

Monday, 12 August 2024 10:45

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සජිත් ප්‍රේමදාසගේ සහ අනුර කුමාරගේ තරගය සුවිශේෂය. ඒ මන්ද යත් මේ දෙපාර්ශ්වය එකම ප්‍රතිපත්ති සමුදායක් කර පින්නාගෙන තරග වැදීමය. කෙටියෙන්ම කියතොත් ඒ පරණ රාජපක්ෂ වාදයය. අරගලයෙන් පරාජය කළා යැයි කිව් රාජපක්ෂ වාදයය. අරගලයෙන් ඉල්ලා සිටි සිස්ටම් ඡේන්ජ් එකට ප්‍රතිවිරුද්ධ නැතිනම් එතෙක් පවත්වාගෙන පැමිණි මජර දේශපාලන ආර්ථික ක්‍රමයය. රට බංකොළොත් කිරීමට හේතු සාධක වු ක්‍රියාමාර්ගයන්ය.

මෙය ජාතිකවාදී මහින්ද රාජපක්ෂත් ඔහුගේ අනු ප්‍රාප්තිකයා වූ ගෝඨාභය රාජපක්ෂත් පවත්වාගෙන ගිය ක්‍රමයයි. මේ ක්‍රමය පෝෂණය කිරීම වෙනුවෙන්, අනුරගේ ජනතා විමුක්ති පෙරමුණ, පාඨලී ගේ ජාතික හෙළ උරුමය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ඔවුන්ගේ පක්ෂ, ග්‍රාම්‍ය වියතුන් සහ භික්ෂූන් සමූහයක් ඇතුළු පිරිසක් ඊට සම්මාදම් විය. පසුගිය කාලයේ ජවිපෙත් පාඨලීත් මෙතැනින් ගැලවෙන ලකුණු පෙන්නුම් කළත් එතැනින් විතැන් වී පැවැත්මක් නොමැති නිසා යළි මේ වන විට එම නරා වළටම ඇද වැටී ඇත. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසත් නියෝජනය කරන්නේ මේ රාජපක්ෂවාදයය. ඔහු එජාපය තුළ සිටියදීත් මේ ගති ලක්ෂණ පෙන්නුම් කළ අයකු වන අතර ඩුප්ලිකේට් මහින්ද රාජපක්ෂ කෙනෙකු වීමේ උත්සාහයන්ද ගෙන තිබිණි. කොහොම නමුත් අද සජිත් කියන්නේ රාජපක්ෂ වාදය අමුවෙන්ම කොපි කරමින් රඟන්නෙකි.

සජිත් අනුර දෙපාර්ශ්වය මේ වන විට ලබා දී තිබෙන පොරොන්දු සහ තමන්ගේ ප්‍රතිපත්ති යැයි කියනු ලබන දේ තුළ ඇත්තේ මේ රාජපක්ෂවාදයය. ඔවුන්ගේ රාජපක්ෂ විරෝධය වනාහී රාජපක්ෂවාදයට විරුද්ධ දෙයක් නොවේ. ඔවුන් යෝජනා කරන්නේ රාජපක්ෂ වාදය රාජපක්ෂලාට වඩා හොඳින් පවත්වාගෙන යෑම ගැනය.

රාජපක්ෂ වාදයේ ලක්ෂණ අනුව යමින් මේ දෙපාර්ශ්වයම පිළිගන්නා කරුණු කිහිපයක් සඳහන් කළහොත් මෙසේය.

* රාජ්‍ය ධනවාදී ආර්ථිකයක් පවත්වාගෙන යන අතර රාජ්‍ය ව්‍යවසායවලට හා සේවාවන්ට මුල්තැන ලබා දෙයි. රාජ්‍ය අංශ ව්‍යවසායයන් පාඩු ලැබුවත් රජයේ අරමුදල් යොදවා පවත්වාගෙන යෑම, ඒවා ජාතික සම්පත් ලෙස රැක ගැනීම, පෞද්ගලික කරණයට විරුද්ධය, විශාල රාජ්‍ය අංශයක් පවත්වා ගැනීම, රාජ්‍ය අංශය උපාධිධාරීන්ට රැකියා තහවුරු කරන තැනක් කිරීම සුදකරන අතර මේ තත්වයන් මත ආණ්ඩුව හා නිලධාරි තන්ත්‍රය බලවත් වීම සිදු වෙයි.

* රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම අනිවාර්ය තත්වයකි. රජයේ ශ්‍රම සම්පත් හා දේපල ආණ්ඩුවේ දේශපාලනික අරමුණු වෙනුවෙන් අපහරණය කිරීම සිදුවේ. මේ තත්වයන් සජිත් හෝ අනුර බලයට පැමිණියත් නොවෙනස් වේ. මේ වන විටත් ඔවුන්ගේ වෘත්තීය සමිති රාජ්‍ය සේවය මෙහෙයවීමේ බලය අත්පත්කරගෙන තිබේ. රාජ්‍ය ආයතනයක් පාඩු කරනවාද ලාබ කරනවාද යන්න ඔවුන්ට තීරණය කළ හැකි තැනක තිබේ. එසේම ඔවුන්ගේ පාලනයක දී රාජ්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය සිය පක්ෂ කාඩර්වරුන්ගේ ( විශේෂයෙන්ම ජවිපෙ) අධීක්ෂණයට ලක් වන බවට ප්‍රකාශයන් නිකුත්වද තිබේ.

* රාජ්‍ය අංශයේ දුෂණ වංචා නාස්තිය අකාර්යක්ෂමතා වැලැක්වීම වෙනුවෙන් රජය ගත් පියවරයන් සියල්ලට එරෙහිව මේ වෘත්තීය සමිති කටයුතු කර තිබේ. එම දූෂිත යන්ත්‍රණය වෙනස් කිරීමට සහය දුන්නේ නැත. එම නිසා ඒ ඉදිරියටත් එසේම පවතිනවා විනා වෙනසක් සිදු නොවේ.

* රාජ්‍ය අංශයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රාජපක්ෂ වාදයේ ලක්ෂණයකි. ඒ සමග බැඳුණු කොමිස් ජාවාරම් රාජපක්ෂවරුන්ටත් රාජ්‍ය නිලධාරීන්ටත් ඔවුන්ගේ හිතමිතුරු පිරිස් වලටත් මෙගා වාසනා ගෙන විත් තිබිණි. සජිත්ලා අනුරලා දැනටමත් මේ රජයේ මහා පරිමාණ ව්‍යාපෘති ගැන කතා කර තිබේ. කොමිස් ජාවාරම් ආදියට ඔවුන් ඉඩක් ලබා නොදෙතැයි දැන්ම කියන්න නොහැකිය. නමුත් ඒ නොවිය හැකි යැයි කියන්නටද නොහැකිය. මන්ද මහා පරිමාණ සහ දූෂිත රාජ්‍ය අංශයක් නඩත්තු කරන විට කොමිස් ජාවාරම් ඇතුළ වංචා එහි සහජ ලක්ෂණයක් වන නිසාය.

* ආනයන සීමා පැනවීම. දේශීය නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම මේ දෙපාර්ශ්වයේ පොරොන්දුවකි. ඒ අනුව ආනයන සීමා අනිවාර්ය වෙනු ඇත. මෙරට නිපදවාගත හැකි සෑම දේම මෙරට නිපදවා ගත යුතුය කියන යල් පැන ගිය න්‍යාය මේ දෙපිරිසම පිළිගනී. මේ වෙනුවෙන් යෝජනා රැසක්ද දැනටමත් ඉදිරිපත් කර ඇත.

* බදු අඩු කිරීම - මේ වන විට බදු ලිහිල් කිරීම ගැන මහා පොරොන්දුවක් දෙපාර්ශ්වයම ලබා දී ඇත. විශේෂයෙන්ම සෘජු බදු කාණ්ඩයට අයත් වන ආදායම් බදු, උපයන විට ගෙවන බදු විශාල අඩු කිරීමක් කරන බව පවසයි. රාජ්‍ය ආදායම් උපදවා ගැනීමට කල්පනා කරන්නේ වක්‍ර බදු නැතිනම් පාරිභෝගිකයා මත පැටැවෙන වැට් බදු වැනි දෑ තුළිනි. වැට් බදු අඩු කිරීම ගැන කතා කළත් එය ක්‍රමානුකූලව සිදු කළ යුතු බව පවසයි. එනම් බදු ආදායම් තව දුරටත් ජනතාව මත පැටවීමට අපේක්ෂා කරන බවය.

* සහනාධාර බෙදීම ගැන සජිත් සහ අනුර අතර දැන් ඇත්තේ තරගයකි. රටේ දුප්පත් කම තුරන් කළ හැක්කේ සහනාධාර ලබා දීම මගින් බව දෙපාර්ශ්වයේ පිළිගැනීමය. ඒ යටතේ ඉන්ධන මිළ අඩු කිරීම, විදුලි බිල් අඩු කිරීම ආදිය ද සිදු වනු ඇත. එමගින් අදාල රාජ්‍ය ආයතන වලට සිදු වන පාඩුව දැරීම රාජ්‍ය භාණ්ඩාගාරය මතට දමනු ඇත.

* සංදර්ශනකාමය සියල්ලටම ඉහළින් තිබේ. ඒ ගැන අමුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඒ අතින් රාජපක්ෂවරු ඉක්මවා තිබේ.

* සිංහල-බෞද්ධකම උත්කර්ෂයට නංවයි. සජිත් සහ අනුරගේ දේශපාලන පදනම සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය මත පිහිටයි. මෙවර මැතිවරණ සටන තුළ මෙය පැහැදිලිව පෙන්නුම් කරමින් ද තිබේ. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ වර්ධනය වන තත්වයකි. පිරිමි ස්වෝත්තමවාදය රාජපක්ෂවරු නිරන්තරයෙන් යොදා ගත් උපක්‍රමයකි. එය සජිත් අනුරද නිරන්තරයෙන් අත්හදා බලමින් තිබේ.

* එමෙන්ම පුද්ගල කණ්ඩායම් වෙන් වෙන්ව ගෙන උත්කර්ෂයට නැංවීම සිදු කරයි. කාන්තාවන්, භික්ෂූන් හා වෙනත් පූජකයන් , ගැමිකම හා ගොවිතැන, රණ විරුවන්, ගුරුවරු, හෙදියන් ආදිය උත්කර්ෂයට නැංවීම.

* රාජපක්ෂ වාදයේ ජනප්‍රියතම අංගයක් වන්නේ රට ගිල ගැනීමට විදේශ බලවේග සිටිනවා යැයි පිළිගැනීම සහ දේශප්‍රේමය උත්කර්ෂයට නැංවීමයි. අයිඑම්එෆ් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධයෙන් විරෝධයන් නඩත්තු කරයි. විදේශ ආයෝජනයන්ට බියය.

* මානව හිමිකම් විරෝධය, මරණීය දණ්ඩනය පිළිගැනීම, සමලිංගික විරෝධය, වැනි දේ රාජපක්ෂවාදයේ ගති ලක්ෂණයන්ය.

* තීන්දු තීරණ ගැනීමේදි වාමාංශික ජාතිකවාදයේ ජනප්‍රියවාදයට යට වීම අනිවාර්ය තත්වයකි.

* මේ සියල්ල සමඟ රාජපක්ෂ වාදයේ පාදඩම තත්වය වූයේ, ඉහළ සිට පහළ දක්වාම පැතිරුණ දූෂණය හා රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමග තිබු ඍජු සම්බන්ධයය. එමෙන්ම ජනප්‍රියවාදය තුළ ඇසකන් ගිනි වැටුණු ජනතාවගෙන් මේ වසංකර ගැනීමට හැකිව තිබිණි. සජිත් අනුරගේ පාලනයක් තුළ මේ සිදු නොවෙනු ඇතැයි කිව නොහැක. මන්ද ලොකුම අවිශ්වාසය පවතින්නේ මේ දෙපාර්ශවයම රාජපක්ෂ වාදය පිළිගැනීම තුළ එහි අනිවාර්ය අංගයන් මඟ හැරීම විය නොහැකි බැවිනි.

කොහොම නමුත් අද රාජපක්ෂවාදය අඩු වැඩි වශයෙන් හෝ සජිත් හා අනුර වඩාත් හොඳින් ග්‍රහණය කරගෙන එය තමන්ගේ දේශපාලනික ව්‍යාපෘතිය බවට පත් කරගෙන ඇත.

සජිත් අනුර පමණක් නොව එහි පවුල් උරුමක්කාරයා වන නාමල් මෙන්ම දිලිත්, විජේදාස යන සියළු දෙනා ද නියෝජනය කරන්නේ මේ රාජපක්ෂවාදී කඳවුරය.

මේ අනුව අද ජනාධිපතිවරණ සටන ඇත්තේ මේ රාජපක්ෂවාදී කඳවුර සහ රාජපක්ෂ වාදයට එරෙහි කඳවුර අතරය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පිළිවෙත මේ පැරණි රාජපක්ෂවාදයට එරෙහි ව්‍යාපෘතියකි. රනිල් මේ රාජපක්ෂවාදීන් සියළු දෙනාගේම පොදු සතුරා වන්නේ ඒ නිසාය. රනිල් සිස්ටම් ජේන්ජ් එකක් යෝජනා කරන විට මේ සියළු පාර්ශ්ව ඊට එරෙහි වන්නේ ඒ නිසාය.

රාජපක්ෂවාදී උරුමය අද කර තියාගෙන යන සජිත් අනුර නාමල් සියලු දෙනා අද රනිල්ට එරෙහිව කඳවුරු බැඳ ඇත්තේ මේ ජරාජීර්ණ ක්‍රමය අහෝසි වුවහොත් තමන්ගේ පැවැත්ව අවසන් වන නිසාය.

- සුජය

Last modified on Monday, 12 August 2024 10:47

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us