නාමල් වංසේ කබල් ගාන විට මාලිමාව රනිල්ගේ ව්‍යාපෘතියක් වීම   Featured

Wednesday, 07 August 2024 15:50

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද නිවේදනය කළේය. එය බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති රාජපක්ෂ පවුලේ සහ හිතවතුන් කිහිප දෙනෙකුගේ කුඩා උත්සවයකදීය.

මේ මොහොතේ මතකයට එන්නේ මීට පෙර මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත වන බව නිල වශයෙන් දැනුම් දීම සඳහා කළ සංදර්ශනයන්ය. මේ අනුව නාමල් ඇද වැටී ඇති තැන අතිශය කණගාටුදායකය. නාමල්ට කර ඇත්තේ අති විශාල මදි පුංචි කමකි. ගොඨාභය ජනාධිපතිවරණයට එන බව මහින්ද රාජපක්ෂ නිවේදනය කළ අවස්ථාවේදි ඔහු කෙතරම් හැඟුම් බරව තම බාල සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියේද? නමුත් එය තම වැඩිමහල් පුත්‍රයා වෙනුවෙන් තිබුණේ නැත.

තමන්ගේ කීම් බහට අවනත නොවී හිතුවක්කාර මෝඩ තීන්දු ගත්තත් මාපියන් දරුවන්ට සුබ පතන්නේ එම කාර්යය සාර්ථකව අවසන් කර ගැනීමට හැකියාව දරුවන්ට ලැබිය යුතු බවට අවංකම හැඟීමෙනි. මේ වෙනුවෙන් ඔවුන්ට කළ හැකි උපරිමය ද කරති.

නමුත් නාමල් ජනාධිපති අපේක්ෂකයා බව සාගර කාරියවසම් නිවේදනය කළ උත්සවයේදී මහින්ද රාජපක්ෂ සිටියේ අවංකවම සුබ පතන තැනක නොවේ. වෙන කරන්න දෙයක් නැති කමට පියා ලෙස තමන්ගේ ජාම බේරා ගැනීම වෙනුවෙන් ලෝකයා ඉදිරියේ නාමල්ට සුබ පතන්නට සිදු තිබිණි. ව්‍යාජ රංගනයක යෙදෙන්න ඔහුට සිදු විය. මෙම සටන ඇපත් නැති වෙන්න පරදින බවත් මහින්දට අමුතුවෙන් සිතන්න දෙයක් නැත.

මහින්දගේ දේශපාලනය තුළ ඔහු කිසි විටෙක තනිවවම සටන් වැදීමේ මාර්ගය තෝරා ගත්තේ නැත. සෑම සියළු පාර්ශ්වයක්ම තමන්ගේ සන්ධානයට එකතුකර ගත්තේය. නමට පමණක් සීමා වූ ත්‍රී විල් පක්ෂ ලෙස නම් දැරු පක්ෂ, විවිධ මතදැරූ තනි පුද්ගලයන්ය පවා එකතුකර ගත්තේය. මේ අනුව පොහොට්ටු පක්ෂයේ මැති ඇමැතිවරුන් ප්‍රදේශීය නායකයන් පවා පක්ෂය හැරදා ඇති මොහොතේ නාමල්ට ලැබිය හැකි ජයග්‍රහණයක් නොමැති බව ඔහු හොඳාකාරව දන්නා සත්‍යයකි. පොහොට්ටුවේ ඔක්කොම ගියත් ඡන්ද ටික තියෙන්නේ මහින්ද රාජපක්ෂ සතුව බවත් නාමල්ට ඉතිරු වුණු පිරිස් කියවමින් තිබුණත් එය එසේ නොවන බව මහින්ද දන්නේය. මහින්ද කියන්නේම පුළුල් විවෘත්ත සන්ධානයක එකතුවකි. ඒ සන්ධානය නැතිව මහින්දටවත් පැවැත්මක් නැති බව නාමල්ලා නොදනී.

ඒ කෙසේ නමුත් ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාමල්ලා සාගරලා මාස ගනනාවක් තිස්සේ පවසා තිබිණි. ඒ සඳහා තමන්ට අපේක්ෂකයන්ගේ හිඟයක් නැති බවත් නම් හතරක් පහක් යෝජනා වී ඇති බවත් පැවැසිනි. අවසානයේදි යෝජනා වී තිබුණේ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම පමණි. ඔහුද සත්‍ය ලෙසම එය බාලාපොරොත්තුවෙන් සිටියේය. ඒ රාජපක්ෂලාට නැවත ජනතාව හමුවට පැමිණ ඡන්දයක් ඉල්ලීමට තරම් හැකියාවක් නොමැති බව දැනගෙනය.

නමුත් ඔහුගේ විශ්වාස වී තිබුණේ තමන්ට පොහොට්ටු පක්ෂයේ පුර්ණ සහයෝගය රාජපක්ෂ පවුලේ පුර්ණ සහයෝගය ඒ වෙනුවෙන් ලැබෙනු ඇති බවය. වැදගත්ම දේ වුයේ ජනාධිපති රනිල් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවනු ඇති බවත් එසේම ජනාධිපති රනිල්ගේ සහ එක්සත් ජාතික පක්ෂයෙත් සහයෝගය තමන්ට ලැබෙනු ඇති බවත් ඔහු බලාපොරොත්තු විය.

කෙසේ නමුත් ඒ කිසිවකුත් බලාපොරොත්තු නොවුණ ලෙස ජනාධිපති රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇප මුදල් තැනපත් කිරීමත් සමඟ පොදුජන පෙරමුණේ සියයට 95 කගේ පමණ සහයෝගය ජනාධිපතිවරයාට හිමි විය. මේ අනුව ධම්මිකගේ මෙන්ම නාමල්ගේ සිහින බිඳ වැටිනි. ධම්මික තමන් ඉදිරිපත් නොවන බව වෙලාසනම දැනුම් දී තිබිණි. පසුව එය ලිඛිතව දන්වා තිබිණි. මේ අනුව තමන්ට සිටිනවා කිව් අනෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ද සෙයා ගැනීමට නොහැකි විය.

ඒ වන විටත් තමන් අගෝස්තු 7 වනදා තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවට නිවේදනය කර තිබිණි. කොළඹ නෙළුම් පෙකුණ ඉදිරිපිට ලොකු උත්සවයක් පවත්වන බවත් කියා තිබිණි. මේ වෙනුවෙන් රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි. මේ තත්වයන් යටතේ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකර එම තීරණය හකුලා ගැනීමේ අවස්ථාවක් නාමල්ටත් සාගරටත් නොතිබිණි. මේ අනුව නාමල් රාජපක්ෂටම ඉදිරිපත් වීම හැර වෙනත් කිසිදු විකල්පයක් ඔවුන්ට ඉතිරිව තිබුණේ නැත.

කොහොම නමුත් දැන් නාමල් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා බව සාගර කාරියවසම් නිවේදනය කර ඇත. එම පක්ෂයේ වගකිව යුත්තන් ලෙස නාමල්ට ඉතිරිව සිටින එකම විශ්වාසවන්ත සගයන් වී ඇත්තේ සාගර සහ පවුලේ හිතවතුන් පමණි. පමණි. එසේම සාගරගේ පැත්තතෙන් බැලු විට නාමල් යනු සාගරගේ ජනාධිපති අපේක්ෂකයා මිස ජොදුජන පක්ෂයේ අපේක්ෂකයාද නොවේ.

මන්ද පොදුජන පෙරමුණේ සමස්ත දේශපාලන යාන්ත්‍රණයම පාහේ දැන් සහයෝගය දෙන්නේ ජනාධිපති රනිල්ට බැවිණි. ඔවුන් පක්ෂ දේශපාලනය සමඟම රාජපක්ෂවරුන්ගේ පවුල් දේශපාලනය දැන් ප්‍රතික්ෂේපකර හමාරය. ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ ජනතාවද රාජපක්ෂවරුන්ව ප්‍රතික්ෂේප කිරීම සිදු වනු ඇත. ඩීඒ රාජපක්ෂ, ඩීඑම් රාජපක්ෂ විසින් ගොඩ නගපු රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය නාමල් කූජිත ලෙස අවසන් කරනු ඇත.

නාමල්ගේ මෝඩ උද්දච්චකම සහ සහ තමන් වටා සිටින මෝඩ උපදේශකයන්ගේ ඇන්දිලි වලට හසුවීම නිසා නාමල්, රාජපක්ෂවරුන්ගේ දේශපාලනය කියා ඉතිරිව යමක් තිබුණා නම් එයත් විනාසය කරගැනීම මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් කරගෙන ඇත.

දේශපාලනයේදි ඉවසීම කියන කාරණය අතිශය වැදගත්ය. එසේම සටනේදී ආක්‍රමණිශීලි වෙනවා සේම පසුබැසීමේ කලාවද ප්‍රගුණ කර තිබිය යුතුය. නමුත් නාමල් දන්නා දෙයක් නැත. ගිනිපුග්ගාය තිබුණාට දේශපාලනයේ දී සාර්ථක විය නොහැකි බව නාමල් දන්නේ නැත.

ජේ ආර්ලා රනිල්ලා මෙන්ම මහින්දලා ද දේශපාලනයෙහි සාර්ථක වන්නේ දේශපාලන කලාව ප්‍රගුණ කර තිබු නිසාය. නාමල්ට තම පියාගේ ගුණයවත් වටහාගැනීමේ හැකියාවක් නැති මෝඩ පුත්‍රයක්ගේ තත්වයට ඇද වැටීමට සිදුව ඇත. සාගරලාගේ ලනු කන තරමටම දේශපාලනික ගොබ්බයකුගේ තත්යවට ඇද වැටී ඇත.

කොහොම නමුත් මේ මෙසේ සිදුවීම මේ රටේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදී තත්වයකි. රාජපක්ෂවාදය නැතිනම් ජාතිකවාදි රාජපක්ෂ චින්තනය විසින් රටම අන්දවා මේ රට බංකොලොත් තැනකට ඇද දැමීම සිදුවිය. නමුත් රාජපක්ෂවරුන්ගේ දේශපාලනික අවසානයත් සමග මේ ජාතිකවාදි චින්තනයත් අවසන් වීම සුබවාදී දෙයකි.රටට සුබ දෙයකි. ජනතාවට සුබ දෙයකි.

මේ තැනට රට රැගෙන ආවේ රනිල් විසින් බවත් අමතක නොකළ යුතුය. ඒ දේශපාලන උපක්‍රමශීලි භාවය කුමක්ද යන්න රනිල්ගෙන් ඉගෙන ගැනීමට ඇති ලොකු පාඩමකි. දේශපාලන ජයග්‍රහණ කියන්නේ හුදු මැතිවරණ ජයග්‍රහහණ නොවේ. රටක් දේශපාලනිකව වෙනස් කිරීමය. ජනතාව දේශපාලනිකව වෙනස් කිරීමය. ජනතාවට අවම පීඩානයකින් ලේ වැගිරීම් කලකෝලහල නොමැතිව විප්ලව කිරීම වෙනම කලාවකි. එය ආණ්ඩු බලය සහිතව කරනවාද විපක්ෂයේ සිට කරනවාද යන්න වැදගත් නැත. රනිල් තමන්ගේ දශක 5 ක පමණ දේශපාලන ඉතිහාසය තුළ සිදු කළේ රටත් ජනතාවත් ක්‍රමක්‍රමයෙන් දේශපාලනිකව වෙනස් කිරීමය. අද ඔහු ඒ විප්ලවය සාර්ථකත්වය කරා ගෙනවිත් ඇත.

අද ජනතා විමුක්ති පෙරමුණේ මාක්ස්වාදී හනමිටි දේශපාලනය පවා අවසන් කර එයට තමන්ගේ ප්‍රතිපත්ති පිළිගන්න වෙන තැනට පත් කළේ රනිල්ය. ජවිපෙ නායකත්වයට අනුර වැනි නායකයකු පත් කරගැනීමට අවශ්‍ය පසුබිම තනමින් සහ අනුරව ආරක්ෂා කරමින් රනිල් එය සිදු කළේය. ඒ අනුව අද මාලිමාව කියන්නෙත් රනිල්ගේ දේශපාලන ව්‍යාපෘතියෙම කොටසකි. පරණ යල් පැන ගිය දේශපාලනය වෙනුවට මාලිමාව හරහා මතු කරන්නේ රනිල් අපේක්ෂා කළ දේශපාලන ආර්ථික මතවාදයයි. ඒ නිසා මාලිමාව වටා ගොනු වී සිටින පිරිස ජවිපෙ දේශපාලන ප්‍රතික්ෂේප කරමින් රනිල් විරෝධයට හෝ ගොනු වීම රනිල්ගේම ප්‍රතිපත්ති වල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

එමෙන්ම සජබය කියන්නෙත් රනිල්ගේ දේශපාලන ව්‍යාපෘතියෙම කොටසකි. රනිල්ගේ දේශපාලනික සහ ආර්ථික වැඩ පිළිවෙල නිවැරදි බව සමාජ ගත කිරීමට සජබය ඉහළ මෙහෙයක් සිදු කර තිබිණි. සජිත් නොදන්නවා වුණාට සජබය ඒ වෙනුවෙන් පාවිච්චි විය. තව නොබෝ දිනකින් සජබයේ රනිල්ගේ කණ්ඩායම සජිත් අත්හැර රනිල් වෙතට පැමිණීමෙන් පසුව සජිත්ටත් මේ දේවල් වටහා ගැනීමේ අවස්ථාවක් ලැබෙනු ඇත. සජිත්ට ඉතුරු වෙනු ඇත්තතේ නාමල්ට සමගාමී පාර්ශ්වය නියෝජනය කරන දේශපාලනික අනාතයන් පමණි. නමුත් ඒ දේශපාලනයට තවත් ඉඩක් මෙරට ඇති නොවනු ඇත. මන්ද දැන් ජනතාවත් සිටින්නේ දියුණු දේශපාලනික කියවිමක නිසාය.

රනිල් වටා ගොනු වෙමින් සිටින බලවේග යනු තවදුරටත් පරණ දේශපාලනය අපේක්ෂා කරන්නන් නොවේ. රනිල්ට අවශ්‍ය වැඩ කරන්නය. විවෘත්ත බිමක වැඩ කරන්නය. තවදුරටත් පක්ෂ බදාගෙන කරන පටු දේශපාලනය වෙනුවට තරුණ දේශපාලනයක්, තරුණයන් ඉල්ලා සිටින අලුත් දේශපාලනයක් කිරීමටය. නාමල්ලාට ඒක තේරුම් ගන්නට හෝ නොහැක. පරම්පරාව, පවුල, පක්ෂය වෙනුවෙන් නහින්න හදන්නේ ඒ නිසාය.

- සුජය

Last modified on Wednesday, 07 August 2024 16:01

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us